Trending Newsඑසැන පුවත්දේශීය

මහ වැසි සමග ජල ගැලීම් කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

ඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ පළාත් කිහිපයකට මි.මී. 100 ඉක්මවූ අධික වර්ෂාවක් ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කළේය.

මෙම අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, දකුණු සහ උතුරු යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකිය. මෙම තත්ත්වය, දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන වායුගෝලීය කලාපය නිසා උද්ගත වී ඇත.

දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළුවලින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

මෙම අධික වර්ෂාව හේතුවෙන් ජල ගැලීම් සහ නායයෑම් අවදානම් සහිත ප්‍රදේශවල ජනතාව වඩාත් විමසිලිමත් විය යුතු බවට ආපදා කළමනාකරණ අංශ දැනුම් දෙයි. මෙම අනතුරු ඇඟවීම 2025 ඔක්තෝබර් 21 වැනිදා පෙ.ව. 08.30 දක්වා වලංගු වනු ඇත.

Related posts

ඡන්ද පත්‍රිකා බෙදීම හෙටින් අවසන්

Mohamed Dilsad

கவ்பாய் படத்தில் பிரியங்கா சோப்ரா

Mohamed Dilsad

කෝටියකට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් කිලිනොච්චියේදී අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment