Trending Newsඑසැන පුවත්දේශීය

පළාත් සභා මැතිවරණය ගැන මැතිවරණ කොමිෂම සභාපතිගෙන් ප්‍රකාශයක්

ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු බලයක් නැති බව එහි සභාපති ආනන්ද රත්නායක මහතා ප්‍රකාශ කළේය..

පාර්ලිමේන්තුව විසින් පළාත් සභා පනත සංශෝධනය කරන තෙක් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව හෙතෙම සඳහන් කරයි.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් පාර්ලිමේන්තුව විසින් පනත සංශෝධනය කළ යුතු බවත් එහි කටයුතු අවසන් වන තෙක් ඊට අදාළ පියවර ගැනීමේ හැකියාවක් කොමිෂන් සභාවට නොමැති බවත් කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය.

මැතිවරණ කොමිෂන් සභාවට බලය ලැබුණු පසු පළාත් සභා මැතිවරණය එකවර පවත්වනවාද එසේත් නැතිනම්
කොටස් වශයෙන් පවත්වනවාද වැනි කරුණු පිළිබඳව නිශ්චිත තීරණයකට එළඹිය හැකි බව ඒ මහතා පෙන්වා දෙයි.

මැතිවරණය පැරණි ක්‍රමයට පවත්වනවා නම් පනතට එකතු කර තිබෙන සංශෝධනය ඉවත් කළ යුතු බව ආනන්ද රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

UNICEF to spend over USD 50 million for children’s programs in Sri Lanka

Mohamed Dilsad

பகிடிவதையுடன் தொடர்புடைய மாணவர்களின் மஹபொல புலமைப்பரிசில் நிறுத்தம்

Mohamed Dilsad

ஜப்பான் வர்த்தக கைத்தொழில் சபை பிரதிநிதிகள் குழு – ஜனாதிபதி சந்திப்பு

Mohamed Dilsad

Leave a Comment