Trending Newsඑසැන පුවත්දේශීය

සූර්ය පැනල විදුලි ඒකකයකට ගෙවන මුදල තීරණය කරයි

පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය ප්‍රව­ර්ධ­නය සඳහා රජයේ ප්‍රති­ප­ත්ති­යට අනු­කූ­ලව පියසි මත සූර්ය පැනල (Roof Top Solar) සඳහා සහ බිම මත සවි කරන ලද සූර්ය පැනල (Ground Mounted Solar) සඳහා ඉතා ආක­ර්ෂ­ණීය ගාස්තු­වක් – එනම්: ඒක­ක­යක් සඳහා රුපි­යල් 45.80ක් ගෙවී­මට රජය කට­යුතු කර තිබේ.

මෙහිදී දිවා කාලයේ ජන­නය කරන සූර්ය බලය ගබඩා කර, රාත්‍රී කාල­යේදී වැඩි මිල­කට ලංවි­මට අලෙවි කළ හැකිය.

මෙය අපතේ යන සූර්යා­ලෝ­කය ගබඩා කර එය රටට අවශ්‍ය මොහො­තේදී භාවිත කිරී­මට කට­යුතු කළ හැකි නව ක්‍රම­වේ­ද­යක් ලෙස හඳුන්වා දී ඇත.

ඒ අනුව, මෙම සුවි­ශේෂ නව ගාස්තු ක්‍රම­වේ­ද­යට අනුව රාත්‍රී විදුලි ඉල්ලුම වැඩි කාලය තුළ (පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා) බැටරි ගබඩා පද්ධ­ති­ව­ලින් (BESS) මුදා හරින විදුලි ඒක­ක­යක් රුපි­යල් 45.80ක මිල­කට මිල දී ගැනී­මට ලංකා විදු­ලි­බල මණ්ඩ­ලය තීර­ණය කර තිබේ.

මේ නව ගාස්තු ක්‍රමය හඳුන්වා දී ඇත්තේ දැන­ට­මත් සූර්ය පැනල සවි කර ඇති Roof Top Solar සහ Ground Mounted Solar සඳහා පමණි.

තවද ඉදි­රි­යේදී වෙළෙ­ඳ­පොළ ඉල්ලුම සලකා බලා, මේ සම්බ­න්ධ­යෙන් අලු­තින් ආයෝ­ජ­නය කිරී­මට කැමැති පාරි­භෝ­ගි­ක­යන් හටද මෙම නව ක්‍රමය හඳු­න්වා­දී­මට හැකි වනු ඇත.

Related posts

President ensures highest level of transparency when signing bilateral agreements

Mohamed Dilsad

Beedi leaves meant to be smuggled to Sri Lanka seized in Tamil Nadu

Mohamed Dilsad

விஜயகலாவுக்கு எதிரான வழக்கு பெப்ரவரி மாதம் வரை ஒத்திவைப்பு

Mohamed Dilsad

Leave a Comment