Trending Newsඑසැන පුවත්දේශීය

සජබ සමග සාකච්ඡාවට එජාපයෙන් කමිටුවක්

සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය මේ බව සඳහන් කර ඇත.

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, ඒජාප මහ ලේකම් නීතිඥ තලතා අතුකෝරල, ජනාධිපති නීතිඥ රොලන්ඩ් පෙරේරා යන මහත්ම මහත්මීන් මෙම කමිටුවට පත්කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී බහුපක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවට ගෙන ඒම එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය බව ද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

Related posts

Prison vehicle collided with a van at Mahawa

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණ නීතිය පිළිබඳව පොලිස් නිලධාරීන් දැනුවත් කෙරේ

Editor O

Three Iranian Naval Ships arrive at Colombo Port [VIDEO]

Mohamed Dilsad

Leave a Comment