Trending Newsඑසැන පුවත්දේශීය

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට අලුත් ලේකම්වර⁣යෙක්

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත මහතා පත් කර ඇත.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත භාර දී තිබේ.

මෙම නව පත්වීම ප්‍රදානය කරන අවස්ථාව වන විට, එල්. කුමුදු ලාල් බෝගහවත්ත මහතා නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

ජනාධිපතිවරයා විසින් පසුගිය දා සිදුකරන ලද අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව නිවාස, ඉදිකිරිම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ලෙස වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතා පත් කළේය. ඒ අනුව මෙම නව පත්වීම සිදුකර තිබේ

Related posts

சுரங்கத்துக்குள் ஏற்பட்ட வெடிவிபத்தில் சிக்கி 7 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

பல்வேறு கொள்ளைகளில் ஈடுபட்டுவந்த நபர் கைது

Mohamed Dilsad

දිවයින පුරා ලංගම බස් වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment