Trending Newsඑසැන පුවත්දේශීය

අධිකරණයේදී පොලිස් නිලධාරීයෙක් විසින් නීතීඥයෙක්ට පහරදීම ගැන පොලීසියෙන් පරීක්ෂණයක්

ගල්කිස්ස අධිකරණ භූමිය තුළදී පසුගිය දා (ඔක්තෝබර් 10) පොලිස් නිලධාරියෙක් නීතීඥයෙකුට පහරදුන් බව කියන සිදුවීම සම්බන්ධයෙන් ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් මේ වන විට විර්මශනයක් ආරම්භ කර තිබේ.

 සිදුවීමට අදාළ නීතීඥවරයා සමඟ පැමිණි තවත් ජ්‍යෙෂ්ඨ නීතීඥවරයෙකු එම සිදුවීමට පාදක වූ පොලිස් නිලධාරියා හට බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරයපෑම සම්බන්ධයෙන් මෙසේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ

සිද්ධියට අදාළ පොලිස් නිලධාරියා හට නීතීඥවරයා විසින් බැන තර්ජනය කර රාජකාරියට සාපරාධී බලහත්කාරයපෑම නීරීක්ෂණය වන වීඩියෝ දර්ශන ඇතුලත් සී.ඩී තැටියක් ඉදිරි විමර්ශන කටයුතු සඳහා නඩු භාණ්ඩ වශයෙන් ලබාගෙන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

නීතීඥවරයෙකුගේ කාර් රථයක් පිටතට ගැනීමේදී ඇති වූ සිද්ධියකදී පොලිස් නිලධාරියෙකු විසින් නීතීඥවරයෙකුට පහරදුන් බවට කරන ලද පැමිණිල්ලක් අනුව ගල්කිස්ස පොලිස් ස්ථානය මගින් අදාළ පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හෙට (13) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සිද්ධිය වූ අවස්ථාවේ අධිකරණ භූමියේ සිටි පුද්ගලයින් කීප දෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධව ගල්කිස්ස කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන සුබ ආරංචියක්

Mohamed Dilsad

Fisheries Ministry provides over Rs. 440,000 to bring Sri Lankan fishermen back

Mohamed Dilsad

Navy nabs 18 local fishermen engaged in illegal fishing

Mohamed Dilsad

Leave a Comment