Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

බදු ක්‍රමයේ වෙනසක්…? ; වාහන මිල ඉහළ ට

වාහන ආනයනකරුවන් පෙන්වා දෙන්නේ පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් රජය වාහන ආනයනයට අදාළ බදු ක්‍රමවේදයන් වෙනස් කිරීමට ඉඩ ඇති බවයි.

මෙම බදු සංශෝධනයෙන් වෙළෙඳපොළේ වාහන මිල කෙරෙහි යම් බලපෑමක් එල්ල වීමට හැකියාවක් පවතින බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කළහ.

මේ මොහොත වන විට, තෙවැනි රටක ණයවර ලිපි හරහා ආනයනය කරන ලද වාහන දහසකට ආසන්න සංඛ්‍යාවක් රේගු භාරයේ රඳවා තබාගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කීපයක් විභාග වෙමින් පවතී.

මෙම නඩු විභාගවල ප්‍රතිඵලයක් ලෙස රජය සහ ආනයනකරුවන් අතර යම් එකඟතාවන් ඇති වීමට ඉඩකඩ ඇත.

තෙවැනි පාර්ශ්වයේ ණයවර ලිපි ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා ගැනීම මෙන්ම, රේගුවේ රඳවාගෙන ඇති වාහන නිදහස් කරගැනීම සඳහා වන නඩුකරවලදී ඇති කරගනු ලබන එකඟතා මත පදනම්ව, ඉදිරියේදී වාහන ආනයන බදු ව්‍යුහය වෙනස් වනු ඇතැයි ආනයනකරුවෝ විශ්වාස කරති.

Related posts

Two vehicles linked to ‘Makandure Madush’ seized

Mohamed Dilsad

Wigneswaran insists North, East Tamils support unified Sri Lanka

Mohamed Dilsad

පළාත් සභා මැතිවරණය කල්යයිද..?

Editor O

Leave a Comment