Trending Newsඑසැන පුවත්දේශීය

කතානායකට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි

කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි දෙකක් ඉදිරිපත් කර ඇත. සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂය මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

එංගලන්තයේ ලන්ඩන් නුවර පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයට (CPA) සහ ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි අන්තර් පාර්ලිමේන්තු සංගමයට (IPU) මෙම පැමිණිලි ඉදිරිපත් කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය. .

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා නොවන ආකාරයට වර්තමාන කතානායකවරයා අවස්ථා කිහිපයකදීම කටයුතු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සාක්ෂි සහිතව කරුණු කිහිපයක්ම ඇතුලත් කරමින් විපක්ෂය වෙනුවෙන් තමන් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බව ද මනමන්ත්‍රීවරයා කීවේය.

ඉදිරිපත් කළ පැමිණිලි ඔස්සේ පරීක්‍ෂණ සිදු කරන බව පාර්ලිමේන්තු සංගම් විසින් තමා වෙත දැනුම් දී තිබෙන බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය.

විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අදහස් ප්‍රකාශ කිරීම සඳහා අවස්ථා ලබානොදීම,පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග උල්ලංඝණය වන ආකාරයට කථානායකවරයා කටයුතු කරිම,ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව සාධාරණ හේතු නොමැතිව ඉවත දැමීම ඇතුළු කරුණු කිහිපයක් මෙම පැමිණිල්ල ඇතුළත් කර ඇති බව කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

Charles Manson dies aged 83 after 4-decades in prison

Mohamed Dilsad

ඡන්ද මධ්‍යස්ථානවල කලබල කළොත් වෙඩි තියන්න පොලීසියට බලය

Editor O

කොවිඩ් අසාදිතයින් ගණන 9000 පසු කරයි

Mohamed Dilsad

Leave a Comment