Trending Newsඑසැන පුවත්දේශීය

සැකකටයුතු ඩ්‍රෝන යානා වෙඩිතබා බිම හෙළීමට පොලිසියට බලය

යුරෝපය පුරා ගුවන්තොටුපොළ මෙහෙයුම් කඩාකප්පල් කර ඇති සැකකටයුතු ඩ්‍රෝන යානා වෙඩිතබා බිමහෙළීම සඳහා පොලිසියට බලය ලබාදීමට ජර්මනිය සූදානම් වන බව වාර්තා වේ.

විදෙස් ජනමාධ්‍ය පැවසුවේ ඊයේ එරට කැබිනට් මණ්ඩලය විසින් මේ සඳහා එකඟත්වය පළකර ඇති බවයි. ඒ අනුව පාර්ලිමේන්තු අනුමැතිය හිමිවේයැයි පැවසෙන එම නව නීතිය, උග්‍ර තර්ජනයක් හෝ බරපතල හානියක් සිදු වූ විට වෙඩිතබා බිමහෙළීම ඇතුළුව ජර්මනියේ ගුවන් සීමාව උල්ලංඝනය කරන ඩ්‍රෝන යානා බිමහෙළීමට පොලිසියට පැහැදිලිවම අවසර දෙයි.

ඩ්‍රෝන යානා බිමහෙළීමට ඇති අනෙකුත් ශිල්පීය ක්‍රම අතරට ලේසර් භාවිත කිරීම හෝ පාලන සහ සංචාලන සම්බන්ධතා බිඳදැමීම සඳහා සංඥා අවහිර කිරීම ඇතුළත් වේ.

සැකකටයුතු ඩ්‍රෝන ක්‍රියාකාරකම් අපගේ ආරක්ෂාවට තර්ජනයක්,” යනුවෙන් ජර්මනියේ චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමාජ මාධ්‍ය වේදිකාවක් වන X හි සටහනක් තබමින් පවසා ඇත.

ඔහු පවසන්නේ, එවැනි ක්‍රියා සඳහා ජර්මනිය ඉඩ ලබානොදෙන බව සහ ඉදිරියේදී එවැනි ඩ්‍රෝන යානා හඳුනාගෙන ඒවාට ඉක්මණින් ප්‍රතිචාර දැක්විය හැකි වන පරිදි ෆෙඩරල් පොලිසියේ බලතල ශක්තිමත් කරමින් සිටින බවයි.

Related posts

මැදපෙරදිග සිටි ලාංකිකයන් 411 ක් දිවයිනට – 267 ක් පිටව යයි

Mohamed Dilsad

மூன்றாவது முறையாகவும் இந்தியப் பிரிமியர் லீக் வெற்றிக் கிண்ணம் சென்னை சுப்பர் கிங்ஸ் அணி வசம்

Mohamed Dilsad

NGOs influence our education system in subtle ways – PM

Mohamed Dilsad

Leave a Comment