Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු ඉරිදා ප්‍රහාරයේ විමර්ශන ගැන තොරතුරු හෙළිනොකළ යුතුයි‘ – අධිකරණ ඇමති

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළ තොරතුරු හෙළිදරව් නොකළ යුතු බවත්, විමර්ශන තවමත් සිදුවෙමින් පවතින බවත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කරයි.

ඒවා විමර්ශනවල කොටසක් බැවින්, මෙම තොරතුරු හෙළිදරව් කිරීමට පාර්ලිමේන්තුව පවා නියෝග නොකළ යුතු බවත් ඔහු අද (09) පාර්ලිමේන්තුවේදී පැවසීය

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිටුපස සිටින මහමොළකරු ආණ්ඩුව හෙළිකළ යුතු බව පැවසූ සජබ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

වක්‍ර ආකාරයෙන් පරීක්ෂණ කඩාකප්පල් කිරීමට උත්සාහ කරන අයට එසේ කිරීමට ඉඩනොදිය යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය

Related posts

கரையோர புகையிரத சேவையில் தாமதம்…

Mohamed Dilsad

කටුනායක තවත් කොරෝනා 7 දෙනෙක්

Mohamed Dilsad

අම්පාරේ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්‍ෂක අංශ කටයුතු කල ආකාරය ගැනද පරීක්ෂණයක් පැවැත්විය යුතුයි – ඇමති රාජිත කියයි

Mohamed Dilsad

Leave a Comment