Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල්පතිට එරෙහිව, තැපැල් සේවකයෝ වෘත්තීය ක්‍රියාමාර්ගයකට

ලෝක තැපැල් දිනය වන අද (09) තැපැල් පතිවරයාගේ ප්‍රකාශයකට විරෝධය පළ කරමින් රට පුරා තැපැල් සේවකයින් කලු පටි පැළඳ සේවයට වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත

ඇඟිලි සලකුණු තැබීමෙන් තොරව තැපැල් සේවකයින් කෝටි ගණනක අතිකාල ලබාගෙන ඇති බවට තැපැල්පතිවරයා සිදුකර ඇති ප්‍රකාශය අසත්‍ය බවත් එය වහා ඉල්ලා අස්කර ගත යුතු බවත් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මංජුල ජයසුන්දර මහතා ප්‍රකාශ කරයි.

තැපැල්පතිවරයාගේ එම ප්‍රකාශයෙන් සමස්ත තැපැල් සේවකයින්ට අපහාසයක් සිදුකර ඇති බවට එම සංගමය චෝදනා කරයි.

කිසිදු සේවකයෙක් වංචනික ලෙස අතිකාල ලබා ගෙන නැති බවත් තැපැල්පතිවරයා සිදුකර ඇති අසත්‍ය ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නේ නම්ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග වෙත යොමු වීමට සිදුවනු ඇතැයි තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කරයි

Related posts

North Korea: Four ballistic missiles fired into sea

Mohamed Dilsad

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

“There is nothing we cannot do for Sri Lanka” – Bangladesh Foreign Minister

Mohamed Dilsad

Leave a Comment