Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

බීඩි මිල ඉහළට

බීඩි මිල හෙට (10) සිට ඉහළ දමන බව සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයන්ගේ සහ බීඩිකොළ, දුම්කොළ ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

මෙම මිල ඉහළ දැමීමත් සමග අගල් දෙකයි කාල ප්‍රමාණයේ බීඩියක් රුපියල් 15 ක් දක්වා ද, අඟල් දෙක ප්‍රමාණයේ සහ රතු නූල් බීඩියක් රුපියල් 13 ක් දක්වා ද, සිල්ලර මිල ඉහළ යාම සිදුවේ.

අගල් දෙකයි කාල ප්‍රමාණයේ බීඩියක මිල රුපියල් 10 ක ද, අඟල් දෙක ප්‍රමාණයේ සහ රතු නූල් බීඩියක මිල රුපියල් 9.50 ක ද, පැවැතිණි.

බීඩියක් සඳහා පැවැති රුපියල් 2 ක බද්ද වර්තමාන ආණ්ඩුව රුපියල් 3 ක් දක්වා ඉහළ දැමීම සහ සෙසු වියදම් ද ඉහළ යෑම නිසා පිරිවැය ඉහළ යෑමෙන් බීඩි මිල ඉහළ දැමීමට සිදුවූ බව එම සංගමය පැවසීය.

බීඩියක නිෂ්පාදන වියදම රුපියල් 13.75 ක් පමණ වුවද පසුගිය කාලයේ එම වියදමට අඩු මිලකට බීඩියක් වෙළඳපොළට සැපයීමෙන් කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදාවී ඇති බව පැවසූ එම සංගමය, රජයට නිසි පරිදි බදු ගෙවීමට නම් බීඩි මිල ඉහළ දැමීම අනිවාර්යෙන්ම කළ යුතු බව ද සඳහන් කළේය.

බීඩි කර්මාන්තයේ ප්‍රධානම අමුද්‍රව්‍ය වන ⁣’තෙන්දුකොළ’ හෙවත්  බීඩිකොළ නීති විරෝධීව මෙරටට ගෙන ඒම වැළැක්වීමට බලධාරීන් අසමත්ව සිටීම නිසා බීඩි කර්මාන්තය තවදුරටත් අවිනිශ්චිත තත්වයකට පත්ව තිබෙන බවත් සියලුම බීඩි ව්‍යාපාරිකයන් මෙම නව මිලට හෙට (10) සිට බීඩි අළෙවි නොකරන්නේ නම් ඒ පිළිබඳ රජයේ අවධානය යොමුවිය යුතු බවත් එම සංගමය පැවසීය.

බීඩිකොළ  සම්බන්ධයෙන් පවතින නීති විරෝධී තත්වය මගහරවා ගැනීමට මැදිහත් වන ලෙස වර්තමාන රජයෙන් ද ඉල්ලීම් කර ඇති බව ද සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

Russian spy: White House backs UK decision to expel diplomats

Mohamed Dilsad

කොත්තු, බත් පැකට්ටුවක මිල 10% කින් ඉහළට

Mohamed Dilsad

Showery condition expected to continue over the island

Mohamed Dilsad

Leave a Comment