බස්නාහිර පළාත් පෙරපාසල් ඒ්කකය කිසි දිනක ඉතිහාසයේ මෙතරම් දේශපාලනීකරණය වී නොමැති බව පෙර පාසල් ගුරු වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති අසංක ශ‍්‍රීනාත් මහතා පවසයි.
වර්තමාන අධ්‍යක්ෂකවරිය පුටුවේ වාඩි කරවන්නේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත‍්‍රීවරියක්, එනම් ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමාගේ නෝනා බව හෙතෙම පෙන්වා දෙයි.
එමෙන්ම, මන්ත‍්‍රීවරිය මහරගමට, කොළඹට හෝ හෝමාගමට පැමිණ පෙර පාසල් ගුරුවරුන්ට දේශන පවත්වන බවට තමා මෑත දිනවල දුටු බව ද සභාපතිවරයා සඳහන් කළේය.
වර්තමානයේ දී මෙම මන්ත‍්‍රීවරියක් විසින් බස්නාහිර පළාතේ වැඩසටහන් කරගෙන යන බවත්, ඇය විසින්ම වැඩසටහන් දාන බවත් ශ‍්‍රීනාත් මහතා වැඩිදුරටත් චෝදනා කරයි.
බස්නාහිර පළාතේ වැඩසටහන දැන් අධ්‍යක්ෂක වෙලා තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්මලී ගුණසිංහ බව හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත්, මේ වන විට ආණ්ඩුව කරනු ලබන්නේ සමාජය ඉල්ලූ දේවල් නොව, ඉල්ලා නැති දේවල් බව ද අසංක ශ‍්‍රීනාත් මහතා අවධාරණය කළේය.
