මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව අනුනායක නාරම්පනාවේ ආනන්ද නාහිමියන් හට සන්නස් පත්‍ර ප්‍රදානය කිරීමේ මහෝත්සවය අද (03) පැවැත්වීමට නියමිතය.
ඒ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ඓතිහාසික මඟුල් මඩුවේදීය.
අති පූජනීය මහා සංඝරත්නය, ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ තුමන්, විපක්ෂ නායක තුමන්, මැති ඇමැතිවරු, දෙස් විදෙස් ආරාධිතයන් මෙම අවස්ථාවට එක්වීමට නියමිතය.
