Trending Newsඑසැන පුවත්දේශීය

ස්ථාන මාරු ක්‍රමවේදයේ ගැටළුවකින් රෝහල් රැසක සේවා බිඳවැටීමේ අවධානමක්

නියමිත ස්ථාන මාරු ක්‍රමවේදයන්ට අනුගත නොවීමත් , පාර්ශ්වකරුවන් නොසලකා හරිමින්, වෛද්‍යවරුන්ද අපහසුතාවට පත්වන අයුරින් අත්තනෝමතිකව ක්‍රියා කිරීම හේතුවෙන්, මේ වන විට රට පුරා රෝහල් ගණනාවක සේවා බිඳ වැටීමේ බරපතල තර්ජනයක් උද්ගත වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මෙම අවධාරණය කර ඇත.

මාධ්‍ය නිවේදනයේ සඳහන් වන පරිදි, සියලුම වෛද්‍ය කාණ්ඩ සඳහා ස්ථාන මාරු කටයුතු සිදු කිරීමේදී අනුගමනය කළ යුතු නිවැරදි ක්‍රමවේදය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණයක් ගෙන ඇත.

ඒ රට පුරා රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල සේවා බිඳ වැටීම් වළක්වා ගැනීම, වෛද්‍යවරු අපහසුතාවට පත් වීම වළක්වා ගැනීම වශයෙනි .

ඒ අනුව, ස්ථාන මාරු කටයුතු නිවැරදි ක්‍රමවේදයට අනුගත වෙමින්, නීත්‍යානුකූල පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය සහිතව, සෞඛ්‍ය අමාත්‍යංශයේ දී මෙන්ම රෝහල් සහ අනෙකුත් සෞඛ්‍ය ආයතන තුළදී ද සිදු විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමයේ තීරණය වී තිබේ.

කෙසේ වෙතත්, රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය පවසන්නේ කණගාටුදායක ලෙස ඇතැම් සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් ද, ඇතැම් රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල ප්‍රධානීන් ද මෙම එකඟතාව සහ පොදු නියමිත ක්‍රමවේදයෙන් බැහැරව යමින් කටයුතු කරන බවයි.

අදාළ නිවේදනය පහත දැක්වෙයි.

Related posts

Saudi Fund for Development to provide credit for Sri Lankan importers

Mohamed Dilsad

Bribe-accepted OIC to produce before Court today

Mohamed Dilsad

Supreme Court decides Interim Injunction order against Rajapaksa, Cabinet will stay [UPDATE]

Mohamed Dilsad

Leave a Comment