Trending Newsඑසැන පුවත්දේශීය

සහකාර පොලිස් අධිකාරි තනතුරට උසස් කිරීම්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම්

සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවාගැනීම සඳහා ඉකුත් දා පැවැති විභාගයට පෙනී සිටි අය අතුරින් 45 දෙනෙකු සහකාර පොලිස් අධිකාරී ධුරයට උසස් කිරීම තුළින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු 170 දෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 3ක් ගොනු කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, උසස්වීම් ලද සහකාර පොලිස් අධිකාරීවරු සහ ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් නම් කර ඇත.

නීතිඥ මංජුල බාලසූරිය මහතා ගොනුකර ඇති පෙතසම් තුළින් ඔවුන් සඳහන් කර සිටින්නේ, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු සහකාර පොලිස් අධිකාරී ධුරය උසස් කිරීම සඳහා පැවති සීමිත තරග විභාගයේ ප්‍රතිඵල මත ඉකුත් 25 වනදා 45 දෙනෙකු සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කළ බවය.

මෙම විභාගයේදී ප්‍රශ්න පත්‍රයක් පිටවී ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත්, ඊට අමතරව අදාළ විභාගයේ ප්‍රතිඵල ප්‍රමාද වී නිකුත් කළ බවත්, එය හිතාමතා කළ ක්‍රියාවක් බවත් පෙත්සමේ සඳහන්ව ඇත.

මීට පෙර අවස්ථාවලදී සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කරනු ලැබුවේ ජ්‍යෙෂ්ඨත්වය මත බව ඔවුන් සඳහන් කරයි.

එහෙත් මෙම විභාගයේදී කිසිදු වෘත්තිය සුදුසුකමක් ගැන නොසලකා ශාස්ත්‍රීය සුදුසුකම් මත පමණක් උසස්වීම් ලබා දී ඇති බවත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් පවසයි.

මෙම විභාගයේදී විවිධ අකටයුතුකම් සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇති බවද පෙත්සමේ සදහන් වේ.

ඒ හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, අදාළ විභාගයේ ප්‍රතිඵල බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියි.

Related posts

Suspect who sold heroin to Durham rugby players arrested

Mohamed Dilsad

Government is repairing 7000 agro wells

Mohamed Dilsad

உயிர்த்த ஞாயிறு தாக்குதல்கள் தொடர்பான இறுதி அறிக்கை நாளை

Mohamed Dilsad

Leave a Comment