Trending Newsඑසැන පුවත්දේශීය

කෝප් කමිටුවට අදාළ ස්ථාවර නියෝග සංශෝධනය ට යෝජනාවක්

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් කමිටුව) අනාවරණය වන බරපතළ මූල්‍ය වංචා හෝ දුෂණ ක්‍රියාවන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට අදාළව ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා යෝජනාවක් අද (26) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 137 ප්‍රකාරව දැනට පවතින ස්ථාවර නියෝග 120(4) සංශෝධනය සදහා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත. 

කාරක සභාව වෙත විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබන වාර්තා පරීක්ෂා කිරීමේදී බරපතළ මුල්‍ය වංචා හෝ දුෂණ ක්‍රියාවන් සිදුව ඇති බවට නිගමනය කළහොත් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහා සෘජුව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට හෝ පොලිස්පතිවරයාට යොමු කරනු ලැබිය හැකි බවට මෙමඟින් යෝජනා වී ඇත.

ඒ අනුව මෙම යෝජනාව සළකා බැලීමට නියමිත බව සඳහන්.

Related posts

මාතර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවයි

Mohamed Dilsad

மரம் ஒன்று விழுந்ததில் ஒருவர் உயிரிழப்பு

Mohamed Dilsad

බන්ධනාගාර තුළින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින් 1000 පන්නයි

Mohamed Dilsad

Leave a Comment