Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මහින්ද බලන්න හේෂා විතානගේත් යයි

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ සහ දිලිප් වෙදආරච්චි, තංගල්ලේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවී තිබේ.

වාර්තාවලට අනුව, මෙම හමුව සිදුවී ඇත්තේ මහින්ද රාජපක්ෂ දැන් පදිංචිව සිටින තංගල්ල කාල්ටන් නිවසේදීය.

හේෂා විතානගේ සහ දිලිප් වෙදආරච්චි යන මන්ත්‍රීවරුන් හිටපු ජනාධිපතිවරයාගේ සුවදුක් විමසීමට ඔහු බැලීමට ගොස් ඇති බව වාර්තා වේ.

හේෂා විතානගේ මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ අතර, සජබ මන්ත්‍රී දිලිප් වෙදආරච්චි පාර්ලිමේන්තුවේ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරයි.

Related posts

Sri Lanka shares its Peacebuilding experience with UN Peacebuilding Commission

Mohamed Dilsad

இலங்கை ஒலிம்பிக்வீரர்கள் உள்ளடக்கிய சங்கம்

Mohamed Dilsad

ඔන්ලයින් මූල්‍ය වංචා ජාතික ආරක්ෂාවට සහ ආර්ථිකයට තර්ජනයක්

Editor O

Leave a Comment