Trending Newsඑසැන පුවත්දේශීය

ජවිපෙ පක්ෂ අරමුදලට ගත් වැටුප ආපසු ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නඩු පවරයි…!

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ අරමුදලට බැර කරන ලද තම මන්ත්‍රී වැටුප නැවත තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එම පක්‍ෂයට එරෙහිව අධිකරණයේ නඩු පැවරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහන් කරයි.

මේ සම්බන්ධව නීතිඥවරුන් සමඟ සාකච්ඡා කර නඩු පැවරීමට අවශ්‍ය ලේඛන මේ වන විට සකස් කරමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප පක්ෂ අරමුදලට බැර කර ගැනීම තුළින් හිටපු මන්ත්‍රීවරුන්ට බලවත් අසාධාරණයක් සිදුව තිබෙන බව මන්ත්‍රීවරයා පැවසීය.

මේ වෙන විට තමන් ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ජීවත් වන්නේ විශ්‍රාම වැටුපෙන් බවත් වත්මන් ආණ්ඩුව විශ්‍රාම වැටුප අහෝසි කළොත් තමන්ට ජීවත් වීමට වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නොමැති බවත් එම මන්ත්‍රීවරයා සිහිපත් කළේය.

මේ තත්ත්වය මත ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කළ සමයේදී තමන්ට පාර්ලිමේන්තුවෙන් ලැබුණු සම්පූර්ණ වැටුප පක්ෂයට ලබාගත් බවත් එලෙස කපා ගන්නා ලද සම්පූර්ණ මුදල ඒ මන්ත්‍රීවරු සියලු දෙනාට නැවත ලබා දෙන ලෙස ඉල්ලා මෙම නඩුව ගොනුකරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

වැල්ලවත්තේ සිට කොළඹ දෙසට වන මංතීරුවේ රථ වාහන ධාවනයට සීමා

Mohamed Dilsad

කැපී පෙනෙන බහුතරය සමග ජාතික ජන බලවේගය ඉදිරියෙන්

Editor O

බද්දේගම විවිධ සේවා සමූපකාර ඡන්දයෙන් මාලිමාවට අන්ත පරාජයක්.

Editor O

Leave a Comment