Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුව සමයේ ලිට්‍රෝ සමාගමේ මහා පරිමාණ මූල්‍ය වංචාවක්..!

ලිට්‍රෝ සමාගමේ ටෙන්ඩර් ක්‍රියාවලියේ සිදුවූ බවට චෝදනා කරන මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් පොදුජන දේපළ රැකීමේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු වන නුවන් තිලකරත්න මහතා විසින් අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට, පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

නුවන් තිලකරත්න මහතා මෙසේද සඳහන් කරයි. “මෙතෙක් කල් ලිට්‍රෝ සමාගම ලාභ ලබමින් මහජනයාට බරක් නොවූයේ එහි විධිමත් ටෙන්ඩර් ප්‍රතිපත්තිය නිසාවෙනි. එහිදී, ඔවුන් ප්‍රධාන තරගකරුවාට ටෙන්ඩර් සඳහා ලංසු තැබීමට අවසර නොදීම සහ ලංසුකරුවන් ඔවුන්ගේ තරඟකරුවන්ගේ ගබඩා හෝ ප්‍රවාහන පහසුකම් භාවිතා කිරීම තහනම් කිරීම යන ප්‍රධාන කොන්දේසි දෙකක් මගින් සමාගමේ ස්ථාවරත්වය සහතික කර ගෙන තිබුණි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, මෙම කොන්දේසි ලිහිල් කිරීමට විවිධ ආණ්ඩු යටතේ බලපෑම් එල්ල වුවද, ඒවා ආරක්ෂා කර ගැනීම නිසා ලිට්‍රෝ සමාගම ලාභ ලබන රාජ්‍ය ආයතනයක් ලෙස පැවති බවයි.

කෙසේ වෙතත්, වත්මන් ආණ්ඩුව යටතේ හඳුන්වා දුන් නව ටෙන්ඩර් ප්‍රතිපත්තියක් මගින් ඉහත සඳහන් දෙවන කොන්දේසිය අවලංගු කර ඇතැයි පැමිණිලිකරු පවසයි. මෙම නව සංශෝධනය යටතේ, ලංසුකරුවන්ට ලිට්‍රෝ සමාගමේ ප්‍රධාන තරඟකරුවන්ගේ ගබඩා පහසුකම් භාවිතා කිරීමට අවසර දී ඇත.

මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන්, මෙතෙක් ගෑස් මිල තීරණය කිරීමේදී ලිට්‍රෝ සමාගම සතුව තිබූ රාජ්‍ය ඒකාධිකාරය බිඳ වැටී, එහි පාලනය පුද්ගලික අංශය වෙත යොමු වීමේ අවදානමක් ඇති බව ඒ මහතා අවධාරණය කරයි.

මෙම ගනුදෙනුවේ බලපෑම අවසානයේ මහජනතාවගේ සාක්කුවට සෘජුවම දැනෙනු ඇති අතර “මේ රටේ මහජනතාවට ඒ සතයක් නෑර ගෙවන්න වෙනවා” යැයිද ඔහු සඳහන් කළේය.

ජනතා ක්‍රියාකාරීන් ලෙස තම යුතුකම වන්නේ වැරැද්දක් පෙන්වා දීම බවත්, දැන් අදාළ ආයතනවල යුතුකම වන්නේ වැරදිකරුවන් හෙළිදරව් කිරීම බවත් ඒ මහතා ප්‍රකාශ කළේය

Related posts

විදේශීය නෞකා, ගුවන්යානා ඇතුළු යාත්‍රා මෙරටට ඇතුළුවීමේ ක්‍රමවේදය යාවත්කාලීන කෙරේ

Mohamed Dilsad

தெற்கில் இன்புளுவன்சாவினால் பாதிக்கப்பட்ட சிறுவர்களுக்கு தனியார் வைத்தியசாலையிலும் சிகிச்சை

Mohamed Dilsad

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදය අද සහ හෙට

Mohamed Dilsad

Leave a Comment