Trending Newsඑසැන පුවත්දේශීය

මුදල් ලැබෙන හැටි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ හෙළිකරයි

සිය බැංකු පොතේ ඇත්තේ පසුගිය ජනවාරියේ පැවති සිය කුඩා දියණියගේ උත්සව අවස්ථාවක ජනතාවගෙන් ලැබුණු මුදල් බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේද කීවේය. “ජනවාරි පළවෙනිදා මගේ නවය වසරේ ඉගෙන ගන්න දුවගේ උත්සවයක් තිබුණා. ඒ උත්සවයට ජනතාව දුන් මුදල් මම සටහන් කරලා තියෙනවා. ලක්ෂ ගාණක් හම්බ වෙලා තියෙන්නේ එහෙමයි. ඒ දරුවාගේ මුදල් ටික තමයි, මම බැංකුවේ දැම්මේ. ඒවා හම්බ වුණ ලියුම් කවර ටිකත් තවම මා ළඟ තියෙනවා.

අනික් පැත්තට අපිත් මේ හිඟන මිනිස්සුම නෙමෙයි. මම මේ දේශපාලනයට එන්න කලින් උපාධියක් අරන් රජයේ ගුරුවරයෙක් විදිහටත් වැඩ කළා.

ඒ කාලේ තමයි, මම මේ පර්චස් දහයේ ඉඩම ගත්තේ. ඒ කාලේ පර්චස් එකක් රු. 25, 000ට ගත්තේ.

එතකොට ප්‍රශ්නයක් එනවා මොකක්ද ඉටිකොළ ගහගෙන හිටියේ කියලා. ඒ නිවසට සිමෙන්ති කොට්ට එකක් දෙකක් හැර ඉතිරි සියල්ල ඇනුවේ මගේ මේ අතින්.”

Related posts

ඉන්ධන බෙදුම්කරුවන්ට රුපියල් මිලියන 31,021.07ක් වැඩිපුර ගෙවූ සංස්ථා ලොක්කෝ රට පැනලා.

Editor O

මංගල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට

Mohamed Dilsad

Gotabhaya discharged and released from Avant Garde case

Mohamed Dilsad

Leave a Comment