Trending Newsඑසැන පුවත්දේශීය

මුදල් ලැබෙන හැටි නියෝජ්‍ය ඇමති නලින් හේවගේ හෙළිකරයි

සිය බැංකු පොතේ ඇත්තේ පසුගිය ජනවාරියේ පැවති සිය කුඩා දියණියගේ උත්සව අවස්ථාවක ජනතාවගෙන් ලැබුණු මුදල් බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේද කීවේය. “ජනවාරි පළවෙනිදා මගේ නවය වසරේ ඉගෙන ගන්න දුවගේ උත්සවයක් තිබුණා. ඒ උත්සවයට ජනතාව දුන් මුදල් මම සටහන් කරලා තියෙනවා. ලක්ෂ ගාණක් හම්බ වෙලා තියෙන්නේ එහෙමයි. ඒ දරුවාගේ මුදල් ටික තමයි, මම බැංකුවේ දැම්මේ. ඒවා හම්බ වුණ ලියුම් කවර ටිකත් තවම මා ළඟ තියෙනවා.

අනික් පැත්තට අපිත් මේ හිඟන මිනිස්සුම නෙමෙයි. මම මේ දේශපාලනයට එන්න කලින් උපාධියක් අරන් රජයේ ගුරුවරයෙක් විදිහටත් වැඩ කළා.

ඒ කාලේ තමයි, මම මේ පර්චස් දහයේ ඉඩම ගත්තේ. ඒ කාලේ පර්චස් එකක් රු. 25, 000ට ගත්තේ.

එතකොට ප්‍රශ්නයක් එනවා මොකක්ද ඉටිකොළ ගහගෙන හිටියේ කියලා. ඒ නිවසට සිමෙන්ති කොට්ට එකක් දෙකක් හැර ඉතිරි සියල්ල ඇනුවේ මගේ මේ අතින්.”

Related posts

“Glyphosate ban lifted for Tea, Rubber Industries” – Minister Navin Dissanayake

Mohamed Dilsad

Commander briefs Defence Secretary on reconciliation commitments in North and East

Mohamed Dilsad

தம்மீதான குற்றச்சாட்டுகளை நிராகரித்தாரா கிறிஸ்ட்சர்ச் தாக்குதல்தாரி?

Mohamed Dilsad

Leave a Comment