Trending Newsඑසැන පුවත්දේශීය

අමාත්‍ය වසන්ත සමරසිංහට එල්ල වී ඇති, වත්කම් චෝදනා ගැන, ඔහු විසින් පිළිතුරු දිය යුතුයි – රවී කරුණානායක

වත්කම් සම්බන්ධයෙන් අමාත්‍ය වසන්ත සමරසිංහ වෙත එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දිය යුතු වන්නේ ඔහු විසින්ම බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.

එමෙන්ම මන්ත්‍රීවරයා පැවසුවේ ඔහු ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබා දී එම වත්කම් සම්බන්ධයෙන් සත්‍යය කුමක් ද යන්න අනාවරණ වන තුරු බාහිර පර්ශ්වයන් ඒ සම්බන්ධයෙන් අදහස් නොදැක්විය යුතු බවයි.

දේශපාලඥයින්ට ද පෞද්ගලික ජීවිතයක් ඇති බැවින් ඊට ගරු කළ යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ මෙවැනි තත්ත්වයන් සඳහා මුහුණ දී ඇති පුද්ගලයෙකු බැවින් තමන් සත්‍ය අසත්‍යතාව ඔප්පු වන තුරු වසන්ත සමරසිංහ සම්බන්ධයෙන් ජනමාධ්‍ය හමුවේ අදහස් නොදක්වන බවයි.

එය තමාගේ දේශපාලන සංස්කෘතිය මෙන්ම ප්‍රතිපත්තිය ද නොවන බව අවධාරණය කළ මන්ත්‍රීවරයා පැවසුවේ ඔහු මුහුණ දුන් අපහසුතා සඳහා තවත් පුද්ගලයෙකු මුහුණදීම දැකීම සිය කැමැත්ත හෝ අපේක්ෂාව නොවන බවයි.

Related posts

ග්‍රහලෝකාගාරය ලබන 07 සිට යළි විවෘතයි [RELEASE]

Mohamed Dilsad

අලි 21 දෙනෙක්ට වෙඩි තබලා

Editor O

பாடசாலைகள் மற்றும் மதஸ்தலங்களின் பாதுகாப்புக்கு மேலதிக படையினரை ஈடுபடுத்த பணிப்புரை

Mohamed Dilsad

Leave a Comment