Trending Newsඑසැන පුවත්දේශීය

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීමේ නිලවරණය පවත්වන දිනය මෙන්න

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ තේරීමේ නිලවරණය නොවැම්බර් මස 7 වනදා හෝ ඒ ආසන්න දිනයක පවත්වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා පවසයි.

වත්මන් දියවඩන නිලමේවරයාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මස 7 වන දින අවසන් වුණි. 

ඒ අනුව නව දියවඩන නිලමේවරයෙකු තෝරා පත් කරගැනීමේ ජන්ද විමසීම මෙම වසරේ නොවැම්බර් මස 7 වනදා හෝ ඒ ආසන්න දිනයක පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

වත්මන් දියවඩන නිලමේවරයා 2005 වසරේ දී එම ධුරයට පත් වුණි. ඉන් අනතුරුව අවස්ථා 02 කදී ඔහු දියවඩන නිලමේවරයා ලෙස ජන්දයෙන් තේරී පත් වී ඇති බව සඳහන් ය. දියවඩන නිලමේවරයෙකුගේ ධුර කාලය අවුරුදු 10කි.

Related posts

වාහන ආනයනය සඳහා අගෝස්තු මාසයේ අවසර

Editor O

CWC President Muttu Sivalingam appointed as Deputy Minister

Mohamed Dilsad

மே 7ம் திகதியே விடுமுறை

Mohamed Dilsad

Leave a Comment