Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්

සෙන්දිල් තොණ්ඩමන් නැවතී සිටි හෝටලයට නේපාල අරගලකරුවන් ගිනිතියලා

නේපාලේ පැවති ජාත්‍යන්තර මහා සභා සමුළුවට සහභාගී වීමට නේපාලයට පැමිණ සිටි ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොන්ඩමන් මහතා, මෑතකදී නේපාලයේ පැවති අරගලය අතරතුරදී තමා නවාතැන් ගෙන සිටි හෝටලයට විරෝධතාකරුවන් විසින් ගිනි තැබීමේ සිදුවීමකින් අනූ නවයෙන් දිවි ගලවා ගෙන තිබේ.

ගින්න ඇවිලෙමින් පැවති අවස්ථාවේදී, තමන්ගේ ජීවිතය පමණක් බේරාගෙන පළා යාමට අවස්ථාව තිබුණ ද, ඔහු එම අවස්ථාව නොසලකා හැර අනෙකුත් හෝටල් අමුත්තන්ගේ ජීවිත බේරාගැනීමේ කාර්යයට සහයවී අතැයි වාර්තා වේ.

ඔහු විසින් තවත් අමුත්තන් කිහිප දෙනෙකුට ගිනි ජාලාවෙන් මිදී ආරක්ෂිතව පිටතට පැමිණීමට සහයෝගය ලබා දී තිබිණි.

සෙන්දිල් තොන්ඩමන් මහතාගේ ක්‍රියාවට කෘතගුණ සැලකීමක් ලෙස, ඔහුගේ සහයෙන් දිවි ගලවාගත් පුද්ගලයින් සමාජ මාධ්‍ය ඔස්සේ ඔහු වෙත සිය ප්‍රශංසාව පළ කරමින් සටහන් තබා තිබුණි.

Related posts

‘ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීන සහය දෙනවා’

Mohamed Dilsad

සය මසකට පසු ටජ්මහල නැවත විවෘත වෙයි

Mohamed Dilsad

Anne Hathaway recalls feeling pressured to lose weight at 16

Mohamed Dilsad

Leave a Comment