දේශීයව්‍යාපාරික

‘ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීන සහය දෙනවා’

(UTV | කොළඹ) – මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා චීන රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ශෙන්හොන් ප්‍රකාශ කර තිබේ.

එලෙස තානාපතිවරයා ප්‍රකාශ කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එලෙස චීන තානාපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙරේදා (07) දින නිල වශයෙන් තානාපතිවරයා හමු වූ අවස්ථාවේදී ය.

දීර්ඝ කාලයක් පුරා දෙරටේ පැවති සම්බන්ධතා ශක්තිමත් කර ගනිමින් ශ්‍රී ලංකාවට තවදුරටත් සහයෝගය දක්වන බව එහිදී තානාපතිවරයා පැවසූ බව ද මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියි.

ශ්‍රී ලංකාව කිසිසේත් ම තනි නොකරමින් පවතින අර්බුදකාරී තත්ත්වයෙන් මෙරට මුදා ගෙන යථා තත්ත්වයට පත් කර ගැනීමට අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට චීන තානාපතිවරයා සාකච්ඡාව අතරතුර සහතික වූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියි.

Related posts

පොහොට්ටුවේ වෘත්තීය සමිති ක්‍රියාකාරිණියක් අභාවප්‍රාප්ත වෙයි.

Editor O

ඇමති ප්‍රසන්නගේ පෙත්සම විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Mohamed Dilsad

ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට

Mohamed Dilsad

Leave a Comment