Trending Newsඑසැන පුවත්දේශීය

ඛනිජ ප්‍රවාහන කොන්දේසි සංශෝධනය කරයි

පාසල් පැවැත්වෙන දිනයන් හිදී පෙ.ව. 06.30 සිට පෙ.ව. 07.45 දක්වා සහ පෙ.ව. 11.30 සිට ප.ව. 02.30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදු කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් පනවන ලද නව කොන්දේසිය සංශෝධනය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ පනවන ලද නව කොන්දේසිය අනුව ඉදිකිරීම් කර්මාන්තයට අදාළව දහවල් කාලයේ දී ඛනිජ ප්‍රවාහනයට ඇතිවන දැඩි බලපෑම මත ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සිටින කර්මාන්තකරුවන් සිදු කරනු ලබන බලවත් ඉල්ලීම සැළකිල්ලට ගෙන, ඔවුන්ට ඇතිවන අපහසුතාවයන් සළකා බලා මෙම සංශෝධනය කිරීමට තීරණය කොට ඇති බවය.

ඒ අනුව, ඉහත කාලසීමාවන් තුළ දී පාසල් අසළ හා සිසුන් පාර මාරුවන ස්ථාන අසළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදු කිරීම, වාහන වල වේගය සීමාවීමකින් යුතුව පොලිස් නිලධාරීන්ගේ දැඩි අධීක්ෂණය යටතේ සිදු කළ යුතු වේ.

එබැවින්, අද (17) දින සිට පාසල් පැවැත්වෙන දිනයන් හි දී පෙ.ව. 06.30 සිට පෙ.ව. 07.45 දක්වා සහ පෙ.ව. 11.30 සිට ප.ව. 02.30 දක්වා කාලසීමාවන් තුළ ඛනිජ ප්‍රවාහනයේ යෙදීම නව කොන්දේසි සංශෝධනය අනුව සිදු කළ යුතු බව දැනුම් දී ඇත.

ඛනිජ ප්‍රවාහනයේ දී අපරික්ෂාකාරී ලෙස වාහන ධාවනය කිරීම හේතුවෙන් පාසල් සිසුන් රැගත් වාහන අනතුරුවලට ලක්වීම වර්තමානයේ බහුලව සිදුවන බවට නිරීක්ෂණය වීමත් සමඟ පාසල් පැවැත්වෙන දිනයන් හිදී පෙ.ව. 06.30 සිට පෙ.ව. 07.45 දක්වා සහ පෙ.ව. 11.30 සිට ප.ව. 02.30 දක්වා කාලය තුළ ඛනිජ ප්‍රවාහන කටයුතු සිදුකිරීම අත්හිටුවීමට පසුගිය 04 වනදා සිට කටයුතු කර තිබුණි

Related posts

இன்று சிறப்பு அறிவிப்பு ஒன்றை வெளியிடும் ஜனாதிபதி

Mohamed Dilsad

යහපාලන ආණ්ඩුවේ ඉදිරි ගමන පිලිබඳව කිසි සේත්ම සතුටු විය නොහැකි බව හිටපු එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි

Mohamed Dilsad

පොහොට්ටු ජනාධිපති අපේක්ෂකයා බදාදා (07) නිල වශයෙන් ප්‍රකාශයට

Editor O

Leave a Comment