ප්‍රමුඛ පුවත 1

කාලගුණික අනාවැකි පිළිබදව අවධානයෙන් සිටින්න – ධීවර අමාත්‍යාංශය

(උදයම්, කොළඹ) – දිවයිනට බලපා තිබෙන වැසි සහිත හා අධික සුළං සහිත කාලගුණය නිසා එරාවුර් සිට ධීවර කටයුතු සඳහා මුහුදට ගිය ධීවර යාත්‍රා 19ක් අතුරුදන් වී ඇති බවට වාර්තා වුවද, එහි සත්‍යතාවයක් නැති බව ධීවර නිලධාරින්ගෙන් ධීවර අමාත්‍යාංශය කළ විමසීම්වලින් වාර්තා වේ.

ධීවර වරායවලින් පිටත් වු ධීවර යාත්‍රාවලින් දෙකක් හැර සෙසු ධීවර යාත්‍රා සියල්ල යළිත් ධීවර වරායන් වෙත පැමිණ තිබේ.

එමෙන්ම එම ධීවර යාත්‍රාවලින් ගිය සියලුම ධීවර කාර්මිකයින් නැවත ගොඩබිමට පැමිණ තිබෙන අතර, දැනට තොරතුරු නැති ධීවර යාත්‍රා දෙකේ ධීවරයින්ද සෙසු ධීවර යාත්‍රාවලින් ගොඩ බිමට පැමිණි ඇති බව මේ වනවිට ධීවර අමාත්‍යාංශයට ලැබී ඇති තොරතුරුවලින් සනාථ වී ඇත.

පසුගියදා මෙම සිදුවීම වාර්තා වු සැනින් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ප්‍රදේශ බාරව කටයුතු කරන ධීවර නිලධාරින්හට සියලු තොරතුරු සොයා බලා අවශ්‍ය පියවර ගන්නා ලෙසත්, හදිසි අවශ්‍යතාවයක් මතුවුවහොත් තමන්ට දැනුම් දෙන ලෙසත් උපදෙස් දෙනු ලැබීය.

කෙසේ වුවද මෙම සිද්ධිය වාර්තා වු සැනින් ක්‍රියාත්මක වු ශ්‍රී ලංකා නාවික හමුදාව ධීවර ජීවිත බේරාගැනීම සදහා මෙන්ම, බෝට්ටු සොයා ගැනීම සදහා ඩෝරා යාත්‍රා දෙකක් හා නාවික හමුදා නිලධාරින් යෙදවීම සම්බන්ධයෙන් කෘතඥතාව පළ කර සිටී.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන කාලගුණික අනාවැකි පිළිබදව ධීවර වරායන් හිදී සියලු ධීවර කාර්මිකයින් දැනුම්වත් කෙරෙන අතර, එම අනතුරු ඇගවීම් සම්බන්ධයෙන් සිය දැඩි අවධානය යොමු කර කටයුතු කරන ලෙස ධීවර අමාත්‍යාංශය සියලු ධීවර කාර්මිකයින්ගෙන් ඉල්ලා සිටී.

Related posts

රාජිත අපරාධ පරීක්ෂණ නිලධාරීන් භාරයට ගෙන නොමැත [UPDATE]

Mohamed Dilsad

අතුරු තහනම දිර්ඝ කෙරේ..

Mohamed Dilsad

ගිගුරුම් සහිත වැසි අවධානමක්…

Mohamed Dilsad

Leave a Comment