ප්‍රමුඛ පුවත 1

අතුරු තහනම දිර්ඝ කෙරේ..

පාර්ලිමේන්තුව විසුරුවාහරිමින් හා මහ මැතිවරණයක් පැවැත්වීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළ අතුරු තහනම තවත් දිනකින් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. 

ඒ අනුව හෙට (07) දක්වා ක්‍රියාත්මක වූ අතුරු තහනම 08 වැනි දින දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල අද කටයුතු කළහ.

ඒ පිළිබඳව ඉදිරිපත් වූ පෙත්සම් විභාගය තවත් දිනකින් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම හේතුවෙන් මෙසේ අතුරු තහනම දිගු කරනු ලැබීය.

අඛණ්ඩව පසුගිය 04 වැනිදා සිට පෙත්සම් විභාගය පැවැත්වුණ අතර එය හෙට (07) දිනයේත් සිදුකිරිමට නියමිතය

Related posts

මීළඟ මහමැතිවරණය ලබන වසරේ අප්‍රේල් මස ?

Mohamed Dilsad

තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්.

Mohamed Dilsad

පියසෙන් ගමගේ වැඩ භාර ගනී

Mohamed Dilsad

Leave a Comment