රට පුරා විදුලි සේවකයින් හෙට සහ අනිද්දා ( 17,18 ) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර ඇත.
විදුලි බල මණ්ඩලය ප්‍රති ව්‍යුහගත කිරීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් 24 ක් මුල් කරගෙන ආරම්භ කළ
අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණ නිසා ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වෙත යොමුවීමට තීරණය කළළ බව විදුලි කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා පැවසීය.
ඉදිරි දින දෙක තුළ යහපත් ප්‍රතිචාරයක් නොලැබුණොත් අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා වූ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග වෙත යොමුවීමට සිදුවන බවව ඒ මහතා අනතුරු අඟවා සිටියේය.
මෙතෙක් ක්‍රියාත්මක කළ අකුරට වැඩ කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයට අනුව විදුලිය බිද වැටීම් යාවත්කාලීන කිරීම්
බිල්පත් ගෙවීම් ආදි සේවා රාජකාරි කාලසීමාවේ පමණක් සිදුකරන බව කෝසල අබේසිංහ මහතා පැවසීය.
ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිසා විදුලි බල මණ්ඩලයේ දෛනික කටයුතු විශාල ප්‍රමාණයක් ඇන හිටීමට ඉඩ ඇති බව වෘත්තිය සමිති නායකයෝ අනතුරු අඟවති.
ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය හරහා රැකියා සුරක්ෂිතභාවයට කිසිදු හානියක් සිදු නොවන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පැවසීය.
විදුලි බල මණ්ඩලය ප්‍රතිවිරුව ගත කිරීමේ ක්‍රියාවලියට යම් සේවක කණ්ඩායමක් එකඟ නොවන්නේ නම්
ඒ අයට ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්විය හැකි බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
