Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඒසී මහගෙදර ඩයමන්ඩ් එක්සලන්ස් සම්මාන දිනයි…

වේගයෙන් වර්ධනය වන වායුසමීකරණ යන්ත්‍ර බෙදා හැරීම් සහ සේවා සමාගමක් වන AC Mahagedara පෞද්ගලික සමාගම Diamond Excellence 2025 සම්මාන උළෙලේදී වායුසමීකරණ යන්ත්‍ර බෙදා හැරීම සහ සේවා නව්‍යකරණය සඳහා වන විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීය. සමාගමේ නිර්මාතෘ සහ කළමනාකරණ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ගයාන් බුද්ධික මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 2023දී ආරම්භ වූ AC Mahagedara වර්තමානයේදී වායුසමීකරණ වෙළෙඳපොළේ ප්‍රමුඛයෙකු වී තිබේ. වසර දෙකක් වැනි කෙටි කාලයකින් එම සමාගම සමග ගනුදෙනු කරන පාරිභෝගිකයන් සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇත. සියලුම ප්‍රධාන පෙළේ සන්නාම යටතේ එන වායුසමීකරණ යන්ත්‍ර දිවයින පුරා බෙදා හැරීම සහ සවි කිරීම ඔවුන් වෙතින් ගත හැකි සේවා අතර ප්‍රධාන වේ.

AC Mahagedara කොළඹ සහ ඒ අවට ශාඛා තුනකුත්, මහනුවර එක් ශාඛාවකුත් පවත්වා ගෙන යයි. මේ වසර අවසානය වන විට අනුරාධපුර, කුරුණෑගල සහ ගාල්ලේ ශාඛා විවෘත කිරීමට සැළැසුම් කර ඇත. ඔවුන් යටතේ තවත් වායුසමීකරණ යන්ත්‍ර බෙදා හැරීමේ සමාගම් තුනක් ක්‍රියාත්මක වේ. එම ආයතනවලට අනුබද්ධ සේවක පිරිස 150කට අධිකය. ඔවුන් වෙතින් නිවාස, හෝටල්, කාර්යාල සහ ව්‍යාපාර ස්ථාන වැනි ඕනෑම පරිශ්‍රයක දිනක් තුළ වායුසමීකරණ යන්ත්‍ර සවි කරවා ගත හැකිය. එම සමාගම සියලුම වායුසමීකරණ අමතර කොටස් සහ අනෙකුත් උපාංග අලෙවි කරයි. පසුගිය වසර දෙකක කාලය තුළ ඔවුන් පාරිභෝගිකන් අතර විශ්වාසනීය නමක් දිනා ඇත. ප්‍රධාන පෙළේ වායුසමීකරණ සන්නාම සමග ඇති කර ගෙන ඇති හවුල්කාරිත්ව තුළින් උසස් තත්ත්වයේ නිෂ්පාදන පාරිභෝගිකයන්ට සැපයීමටත්, තරගකාරී සේවා ප්‍රමිති පවත්වා ගෙන යාමටත් එම සමාගම කටයුතු කරයි. කාර්යක්ෂමතාව, නව්‍යකරණය සහ ගුණාත්මකභාවය ඉහළින් සළකන එම සමාගම පසුගිය කාලය පුරා සම්මාන සහ ඇගැයීම් රැසක් දිනා ඇත.

Related posts

ජනාධිපති ආර්යාවන් අතරින් ආචාර්යය උපාධි තියෙන්නේ සිව්දෙනාටයි….

Editor O

European Investment Bank eyes more private investment in Sri Lanka

Mohamed Dilsad

SLC suspends Avishka Gunawardena

Mohamed Dilsad

Leave a Comment