Trending Newsඑසැන පුවත්දේශීය

ජනයා තුළ වෛරය, කුහකකම වපුරලා රටට සෙතක් නැහැ – එජාප සභාපති වජිර

නේපාලයක් වන්නට ගිය අපේ රට එම තත්ත්වයෙන් මුදාගෙන නිවැරදි මාර්ගයේ ගෙනයාම ගැන මුළු මහත් ජාතියම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරව කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියයි.

බද්දේගම දී පැවැති රැස්වීමකදී අබේවර්ධන මහතා මේ බව පැවසීය.

එසේම ජනතාවගේ සිත් තුළ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, කුහකකම වපුරලා ශ්‍රී ලංකාවට කිසිඳු යහපතක්, සෙතක් උදාකරන්න නොහැකි බවද ඒ මහතා අවධාරණය කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

“එක්සත් ජාතික පක්ෂයට 79 වසරක් පිරීම පසුගිය 6 වෙනිදා සිදුවුණා. කොහොම නමුත් අපේ පක්ෂයේ නායක Viii වැනි විධායක ජනාධිපතිතුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන බලලා අපි එය කෙටි දවසකට කල් දැමුවා. ඒ අනුව දැන් අපි එම සංවත්සර සැමරුම මෙම මස 20 වන සෙනසුරාදා උදෑසන 9.00 ට මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.”

Related posts

මහින්ද අගමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

වෛද්‍ය සාෆි ෂියාබ්දීන් නිදොස් කොට නිදහස් කරයි.

Editor O

Supreme Court decides Interim Injunction order against Rajapaksa, Cabinet will stay [UPDATE]

Mohamed Dilsad

Leave a Comment