Trending Newsඑසැන පුවත්දේශීය

ලපයි – සිපයි කිව්වේ කාටද….? පාර්ලිමේන්තුව උණුසුම් තත්ත්වයක්

පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විරෝධතාවක් මත උණුසුම් තත්වයක් ඇති විය. මෙම විරෝධය ඇති වුණේ සභානායක බිමල් රත්නායක මහතා විසින් විපක්ෂ මන්ත්‍රීවරුන් ‘ලපයි සිපයි’ ලෙස හැඳින්වීමත් සමඟයි.

මෙම වචන ඉවත් කර ගන්නා ලෙස විපක්ෂය සභානායකවරයාගෙන් ඉල්ලා සිටි නමුත් රත්නායක ඇමතිවරයා කියා සිටියේ විපක්ෂය නිතරම කතානායකවරයාට අසභ්‍ය වචන භාවිතා කරන නමුත් ඒවා කිසි විටෙකත් ආපසු නොගන්නා බවය.

එහිදී විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කියා සිටියේ සභානායකවරයා විසින් ජනාධිපතිවරයාටද අපහාස කරන බවයි. ලපයි කවුද සිපයි කවුදැයි සභා නායකවරයා පැහැදිලි කළ යුතු බවද කියා සිටියේය.

කථානායකවරයා පැවසුවේ අදාළ වචන සභා වාර්තාවෙන් ඉවත් කරන ලෙස තමා නියෝග කළ බවය.

ඇති වූ තත්වය මත සභාව විනාඩි දහයකට කල් තැබීමට කතානායකවරයා තීන්දු කළේය..

Related posts

විදේශයන්හි සිටින ලාංකිකයින්ගේ සුභසාධන කටයුතු ගැන විදේශ අමාත්‍යාංශය සොයා බලයි

Mohamed Dilsad

ලොව පුරා කොරෝනා මරණ 15000කට ආසන්න වේ

Mohamed Dilsad

சமாதான மகிழ்ச்சி நிறைந்த சௌபாக்கியமான தமிழ்,சிங்கள புத்தாண்டு வாழ்த்துக்கள்!

Mohamed Dilsad

Leave a Comment