Trending Newsඑසැන පුවත්දේශීය

රසායන ද්‍රව්‍ය තොගයක් කඳානෙන් සොයා ගනී

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන බවට සැක කෙරෙන තවත් රසායන ද්‍රව්‍යය තොගයක් කඳාන ප්‍රදේශයේ නිවසක තිබී පොලීසිය විසින් සොයාගෙන තිබේ.

ඒවා මිද්දෙණියේදී හමුවූ රසායනික ද්‍රව්‍ය වලට සමානකමක් දක්වන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

එම රසායනික ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ ඉඩමේ මල් ගස් අතර සඟවා තිබියදීය.

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව එම රසායනික ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර නිවසේ හිමිකාරිනිය විදෙස් ගතව සිටින බවත් මේ වන විට එම පරිශ්‍රයට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවත් සඳහන්.

එම රසායනික ද්‍රව්‍ය අද දින රජයේ රස පරීක්ෂණ වෙත යොමුකිරීමට නියමිතයි.

තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේදී අයිස් මත් ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍ය තොගයක් ද පොලීසිය විසින් සොයා ගන්නා ලදී.

Related posts

කතානායකට එරෙහි විශ්වාසභංගය 5 බාරදෙයි

Mohamed Dilsad

பல மாகணங்களில் இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

கொழும்பில் பல பிரதேசங்களில் 24 மணி நேரம் நீர் வெட்டு…

Mohamed Dilsad

Leave a Comment