Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව 09 වැනිදා පාර්ලිමේන්තුවට

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබන සතියේ 09 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කථානායකවරයා සැලසුම් කර ඇතැයි වාර්තාවේ..

ඒ අනුව මෙම පනත් කෙටුම්පත ලබන සතිය තුළදී පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීම රජයේ අපේක්ෂාව වී තිබේ.

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත සම්මත වීමෙන් පසුව විශ්‍රාම වැටුප හැර හිටපු ජනාධිපතිරු භුක්ති විදින නිවාස පහසුකම් සහ අනෙකුත් බොහෝ වරප්‍රසාද අහෝසි වීමට නියමිතය.

චන්ද්‍රිකා කුමාරතුංග, රනිල් වික්‍රමසිංහ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වූ හේමා ප්‍රේමදාස යන මහත්ම මහත්මීන්, ඔවුන්ගේ පෞද්ගලික නිවාසවල පදිංචිව සිටින අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවමත් රජයේ නිල නිවසක පදිංචිව සිටී.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව මුලදී ඔවුන් ප්‍රකාශ කර තිබුණත් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග,රනිල් වික්‍රමසිංහ දෙපළ ඒ සඳහා ඉදිරිපත් නොවන බව ප්‍රකාශ කර තිබිණි.

Related posts

ரஞ்சன் ராமநாயக்கவின் கருத்து குறித்து ஆராய உத்தரவு

Mohamed Dilsad

கச்சதீவு புனித அந்தோனியார் ஆலய திருவிழா

Mohamed Dilsad

ආපදාවලින් පීඩාවට පත්ව, සේවයට නොපැමිණී, රාජ්‍ය සේවකයින්ට නිවාඩු ලබාදීමට විශේෂ චක්‍රලේඛයක්

Editor O

Leave a Comment