Trending Newsඑසැන පුවත්දේශීය

අද රෑ සඳ රතුවෙයි.

ලොව පුරා රටවල් රැසකට දර්ශනය වන පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සැප්තැම්බර් 07 වෙනි ඉරිදා, ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 08.58 පමණ සිට පසුදා අලුයම 02.25 දක්වා නිරීක්ෂණය වන බව නවීන තාක්ෂණ පිළිබඳ ආතර් සී ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් 07 වෙනි ඉරිදා දිනයේ රාත්‍රී 08.58 ආරම්භ වන චන්ද්‍රග්‍රහණයේ උපරීම අවස්ථාව හෙවත් පූර්ණ චන්ද්‍රග්‍රහණය රාත්‍රී 11.41 පමණ වන විට දර්ශනය වනු ඇති බවත්, පසුදින අලුයම 02.25 පමණ වන විට චන්ද්‍රග්‍රහණය අවසන් වනු ඇති බවද නවීන තාක්ෂණ පිළිබද ආතර් සී ක්ලාක් ආයතනය සඳහන් කරයි.
සූර්යයා, පෘථිවිය සහ චන්ද්‍රයා ඒක රේඛීය වන අවස්ථාවක චන්ද්‍රයා පෘථිවියේ සෙවණැල්ලට හසු වීමෙන් චන්ද්‍රග්‍රහණයක් ඇති වේ. සූර්යයා සහ චන්ද්‍රයා අතරට පැමිණෙන පෘථිවියේ සෙවණැල්ලට කොටස් දෙකකි.
උපඡායාව : පෘථිවිය මගින් චන්ද්‍රයා මත ඇති කරන සෙවණැල්ලේ අඩු අන්ධකාරයක් සහිත, පිටත කොටස උපඡායාව ලෙස හඳුන්වයි. චන්ද්‍රයා පෘථිවියේ මෙම උපඡායාව හරහා ගමන් කරන විට, උපඡායා චන්ද්‍රග්‍රහණය ඇති වේ. මෙහි දී චන්ද්‍රයා තරමක් අඳුරු වීම සිදු වන අතර මෙම චන්ද්‍රග්‍රහණය හඳුනා ගැනීම තරමක් අපහසුය.
ඡායාව : පෘථිවිය මගින් චන්ද්‍රයා මත ඇති කරන සෙවණැල්ලේ මධ්‍යයේ අඳුරුතම කලාපය ඡායාව ලෙස හඳුන්වයි. චන්ද්‍රයා මෙම කලාපයට ඇතුළු වන විට, පැහැදිලි චන්ද්‍රග්‍රහණයක් නිරීක්ෂණය කිරීමට හැකියාව ලැබේ. චන්ද්‍රයා අර්ධ වශයෙන් ඡායාවට ඇතුළු වූ විට අර්ධ චන්ද්‍රග්‍රහණයක් සිදු වන අතර, එය සම්පූර්ණයෙන්ම ඡායාවට ඇතුළු වූ විට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් සිදු වේ.
මෙම චන්ද්‍රග්‍රහණය සැප්තැම්බර් 07 වන දින රාත්‍රියේ සිට පසුදා (08දා) අලුයම තෙක් පැය 5 යි මිනිත්තු 27 ක කාලයක් පවතී.

උපඡායා ග්‍රහණය ආරම්භය (P1) ප. ව. 8:58
අර්ධඡායා ග්‍රහණය ආරම්භය (U1) ප. ව. 9:57
පූර්ණ ග්‍රහණය ආරම්භය (U2) ප. ව. 11:00
ග්‍රහණයේ උපරිමය ප. ව. 11:41
පූර්ණ ග්‍රහණය අවසානය (U3) පෙ. ව. 12:23
අර්ධඡායා ග්‍රහණය අවසානය (U4) පෙ. ව. 01:26
උපඡායා ග්‍රහණය අවසානය (P4) පෙ. ව. 02:25

මෙහි දී පූර්ණ චන්ද්‍රග්‍රහණය පැය 1 යි මිනිත්තු 22 ක් ද, අර්ධඡායා අවධිය පැය 2 යි මිනිත්තු 7 ක් ද, උපඡායා අවධිය පැය 1 යි මිනිත්තු 57 ක් ද පවතින බව සඳහන්. චන්ද්‍රයා සෙමෙන් වර්ණය වෙනස් වී රතු පැහැයට හැරී නැවත සාමාන්‍ය දීප්තියට පැමිණෙන ආකාරය ශ්‍රී ලංකාවාසීන්ට දර්ශනය වනු ඇත.

පුර්ණ චන්ද්‍රග්‍රහණයකදී, චන්ද්‍රයා සම්පූර්ණයෙන්ම අතුරුදහන් නොවන අතර, එය රතු, තැඹිලි හෝ තඹ වර්ණවලින් දිස්වේ, මෙය සිදුවන්නේ පෘථිවිය හිරුගේ සිට එන සෘජු ආලෝකය අවහිර කළද, යම් ආලෝකයක් තවමත් පෘථිවියේ වායුගෝලය හරහා වර්තනය වෙමින් සඳ කරා යන බැවිනි. මෙහිදී පෘථිවි වායුගෝලය කෙටි තරංග ආයාමයන් සහිත ආලෝකය (නිල් ආලෝකය) විසුරුවා හරින අතර දිගු තරංග ආයාමයන් (රතු ආලෝකය) අඩුවෙන් විසුරුවා හරියි. මේ නිසා පෙරහන් කළ රතු ආලෝකය සඳ මතට වැටෙන අතර එය, රතු පැහැයයෙන් දර්ශනය වේ.

මෙම චන්ද්‍රග්‍රහණය එල් = 2 සිට 3 දක්වා පමණ වනු ඇතැයි අපේක්ෂා කෙරේ, එය වායුගෝලීය අඩංගු අංශු හා අංශු ප්‍රමාණ මත රඳා පවතී, එය ශ්‍රී ලංකාවේ නරඹන්නන්ට විචිත්‍රවත් මලකඩ රතු හෝ ගඩොල් රතු පැහැති සඳක් දැකිය හැකිය.

මින් පසු පූර්ණ චන්ද්‍රග්‍රහණය 2028 දෙසැම්බර් 31 වන දින දිස්වනු ඇතැයි ද ආතර් සී ක්ලාක් ආයතනය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Related posts

பொருட்கள் கொள்வின் போது அவதானத்துடன் செயற்படுமாறு வலியுறுத்தல்

Mohamed Dilsad

SLFP and UNP avert split, plan reshuffle

Mohamed Dilsad

Uni. students’ protest causes traffic congestion in Town Hall

Mohamed Dilsad

Leave a Comment