Trending Newsඑසැන පුවත්දේශීය

තංගල්ල, නෙටොල්පිටිය ඉඩමකින් සැකකටයුතු රසායන ද්‍රව්‍ය තොගයක් හමුවේ….

තංගල්ල, නෙටොල්පිටිය ප්‍රදේශයේ ඉඩමක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකෙරන ද්‍රව්‍ය තොගයක් අද (07) පෙරවරුවේ සොගෙන ඇතැයි පොලීසිය කියයි. .

ප්‍රදේශවාසින්ගෙන් ලැබුණ තොරතුරකට අනුව තංගල්ල පොලිස් ස්ථානයේ නිලධාරින්, නෙටොල්පිටිය වැලිවැන්න හරස් මාවතට යාබදව පිහිටි ඉඩමක සෝදිසි කිරීමේ දී ⁣මෙකී සැකකටයුතු ද්‍රව්‍ය හමුවූ බව පොලීසිය කියයි.

එහිදී එම ඉඩමේ තිබී සුදු පැහැති රසායන ද්‍රව්‍ය තොගයක් සොයාගැණුන අතර එම ද්‍රව්‍ය අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායන ද්‍රව්‍ය බවට සැකකරන බව පොලිස් නිලධාරින් පැවසීය.

මෙම රසායනික ද්‍රව්‍ය ඊයේ (06) මිද්දෙනිය, තලාව ප්‍රදේශයේ ඉඩමක් පරීක්ෂා කිරීමේදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදාගන්නා රසායනික ද්‍රව්‍යට බෙහෙවින් සමාන බව වාර්තා වෙයි.

මෙම රසායනික ද්‍රව්‍ය මීට මාස 4කට පමණ පෙර මෙම ස්ථානයට කවුරුන් හෝ ගෙනැවිත් දමා ඇති බවට පොලීසිය සඳහන් කළේය.

රසායනික ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා අද පස්වරුවේ තංගල්ල පොලිසියට රැගෙන යාමට නියමිතය

Related posts

செயற்கை மழையை பொழிய வைப்பதற்கான செயற் திட்டங்கள் இன்று முதல்…

Mohamed Dilsad

Ex-PM Najib Razak banned from leaving Malaysia

Mohamed Dilsad

நாட்டின் பெரும்பாலான மாகாணங்களில் மழை பெய்யக் கூடிய சாத்தியம்

Mohamed Dilsad

Leave a Comment