Trending Newsඑසැන පුවත්දේශීය

අගමැති හරිනි ලබන මාසයේ චීනයේ සංචාරයක

චීනය සමග තිබෙන සම්බන්ධතාවල කිසිදු පලුදුවීමක් සිදුව නොමැති බවත්, අගමැතිනි හරිනි අමරසූරිය ලබන මාසයේදී චීනයට යන බවත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාර රොද්‍රිගෝ මහතා කියයි. හෙතෙම ඒ බව ප්‍රකාශ කර තිබුණේ බීබීසී සිංහල සේවයටය.

එහිදී, ෂැංහයි සහයෝගිතා සමුළුවට ආරාධනාක් නොලැබුණු බවත්, එහි නොගියේ ආරාධනාවක් නොලැබුණි නිසා යැයිද ඔහු හෙළිකර තිබිණි.

තුෂාර මහතා එහිදී මෙසේ ද ප්‍රකාශ කර ඇත. චීනය කාලෙන් කාලෙට ඔවුන්ගේ උපාය මාර්ගික සබඳතා අලුත් කර ගන්නවා විවිධ රටවල් එක්ක. අපි එක්ක කොහොමත් හොඳ සබඳතා පවත්වන නිසා ඔවුන් මේ සමුළුවට වෙනත් රටවලට ආරාධනා කරන්න ඇති.මේ අතර, මාධ්‍යවේදී නීතිඥ ආචාර්ය විරංජන හේරත් මහතා සිය ෆේස්බුක් සටහනේ මෙසේ සටහනක් තබා තිබිණි.

මට හිතෙන විදිහට නම්, මේ වෙලාවෙ කරකවල අතඇරල තියන ගෝලීය දේශපාලනය ඇතුළෙ අපි වගේ හුංඩු රටවලට දුවන්න වෙන්නෙ එදා වේල මෙතඩ් එකකින් මිසක් මැදට හරි එක පැත්තකට හරි ලයින් වුණු විදේශ ප්‍රතිපත්තියක නෙමෙයි.

Related posts

இலங்கை ரூபாயின் பெறுமதி வீழ்ச்சி

Mohamed Dilsad

සජබ සහ එජාප එකතු කිරීමට ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් – හිටපු ඇමති හරීන් ප්‍රනාන්දු

Editor O

சரத் பொன்சேகா சீ.ஐ.டி. முன்னிலையில்

Mohamed Dilsad

Leave a Comment