Trending Newsඑසැන පුවත්දේශීය

බාලවයස්කාර පිරිමි ළමයෙකුගේ ඇසට නයි මිරිස් දැමූ හතරලියද්ද පොලිස් ස්ථානාධිපතිට, එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

බාලවයස්කාර දරුවකු අත්අඩංගුවට ගත්විට මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර පැය 06 ක කාල සීමාව තුළ ඔහුගේ මවට, පියාට හෝ භාරකරුට ඔහු හමුවීමට අවස්ථාව ලබාදිය යුතු බවට දිවයිනේ සියලුම පොලිස් නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කළේය.

රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් 2022 වසරේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බාල වයස්කාර පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඔහුගේ දෑස් වලට නයි මිරිස් සාරය දමා, හිංසා කිරීම තුළින් හතරලියද්ද පොලිසියේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වීරකෝන් නැමැත්තා විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතිබවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර තිබේ.

හතරලියද්ද ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි බාල වයස්කාර පාසල් සිසුවකු වන කමල් ඩීන් ඉල්හාම් අහමඩ් සහ ඔහුගේ භාරකාරිය වන හමින් සිත්ති නිහාරා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව අදාළ බාල වයස්කාර දරුවාගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් එම දරුවාට, රුපියල් ලක්ෂ 03 ක වන්දියක් සහ ළමයාගේ මවට රුපියල් 75000/- ක වන්දියක් සිය පෞද්ගලික මුදල්වලින් ගෙවන ලෙස හතරලියද්ද පොලිසියේ එවක වැඩ බලන පොලිස් ස්ථානාධිපති නියෝග කර තිබේ.

Related posts

Several reservoirs Spill gates opened due to the prevailing rainy condition

Mohamed Dilsad

அரசு வறிய மக்களின் இதயத் துடிப்பை புரிந்துகொண்டு செயற்படுகிறது – ஜனாதிபதி

Mohamed Dilsad

දහම්පාසල් ආරම්භය අදියර 3කින්

Mohamed Dilsad

Leave a Comment