Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට මහ බැංකුව ස්වාධීන විය යුතුයි – මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ

ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම රටේ අනාගත ආර්ථික ස්ථාවරත්වය සඳහා ඉතා වැදගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි..

2022 වසරේ ඇති වූ මූල්‍ය අර්බුදයට ප්‍රධාන හේතුවක් වූයේ දේශපාලන මැදිහත්වීම් සහ මහ බැංකුවේ ස්වාධීනත්වය නොමැතිවීම නිසා බවද , මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

රාජ්‍ය මූල්‍ය හිඟයන් සඳහා මුදල් සැපයීමට “මුදල් මුද්‍රණය” කිරීම හේතුවෙන් උද්ධමනය සියයට 70%ක් පමණ දක්වා ඉහළ ගිය බවත්, මෙය අර්බුදය තවත් උග්‍ර කළ බවත් ආචාර්ය වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.

මිල ස්ථාවරත්වය සහ තිරසාර ආර්ථික වර්ධනයක් සහතික කිරීම සඳහා ශක්තිමත්, ස්වාධීන මහ බැංකුවක් අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කළේය. 2023 මහ බැංකු පනත මගින් එම ස්වාධීනත්වය තහවුරු කර ඇති බවද වීරසිංහ මහතා පැවසීය.

Related posts

Venom crosses 500 million dollar mark globally

Mohamed Dilsad

අක්කරෙයිපත්තුවෙන් ඇල්ලූ රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු

Mohamed Dilsad

ஷாந்த அபேசேகர மீண்டும் விளக்கமறியலில்

Mohamed Dilsad

Leave a Comment