ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමෙන් පසුව එමගින් අත්අඩංගුවේ සිටින සංවිධානාත්මක අපරාධකරුවන්ට නිදහස් වීමේ අවස්ථාවක් උදා විය හැකි බවට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා මහතා අනතුරු අඟවා ඇත.
එබැවින්, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ඉවත් කරන අතරතුරම සංවිධානාත්මක අපරාධ පනතක් ක්‍රියාත්මක කළ යුතු බවට ඔහු යෝජනා කරයි.
මහාචාර්යවරයා පවසන පරිදි, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් පාලනය කිරීමට එවැනි පනතක් අත්‍යවශ්‍ය වේ.
පසුගිය 22 වැනි දින පාර්ලිමේන්තුවේදී විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සැප්තැම්බර් මස මුලදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කිරීම සඳහා වන කෙටුම්පත ගැසට් කිරීමට කටයුතු කරන බවයි.
