Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දුනීසියාවේ සිට රැගෙන ආ සැකකරුවන් පස්දෙනා පැය 72ක් රඳවා ගනී.

ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී අත්අඩංගුවටට ගෙන මෙරටට රැගෙන ආ, සංවිධානාත්මක අපරාධකරුවන් යැයි කියන, පස්දෙනා ස්ථාන දෙකක රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කරයි..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ එම පස්දෙනා රඳවා සිටින බවද පොලීසිය කියයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන් සම්බන්ධයෙන් පැය 72ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන බව පොලීසිය සඳහන් කරයි.

ඉන්දුනීසියානු පොලිසිය, ජාත්‍යන්තර පොලිසිය හා ශ්‍රී ලංකා පොලිසිය ඉන්දුනීසියාවේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසු කෙහෙල්බද්දර පද්මේ, කමාන්ඩෝ සලින්ත, පානදුරේ නිලංග, බැකෝ සමන් හා තැඹිලි ලහිරු යන සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස පසුගියදා අත්අඩංගුවට ගනු තිබුණි.

Related posts

தோல்வியின் பின்னர் டோனி ஓய்வு குறித்து கோலி கருத்து

Mohamed Dilsad

England’s Stokes a doubt for first test after father taken ill

Mohamed Dilsad

எதிர்ப்பு பேரணி காரணமாக கோட்டை – ஓல்கோட் மாவத்தையில் போக்குவரத்து பாதிப்பு

Mohamed Dilsad

Leave a Comment