Trending News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක් නියම කළ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (31) නිවේදනය කළේය.

ඒ, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරගයේදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්‍යාව යවා නොතිබීම හේතුවෙනි.

ඒ අනුව තරග ගාස්තුවෙන් සියයට පහක දඩයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙලෙස නියම කර තිබේ.

ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන ICC චර්යාධර්ම සංග්‍රහයේ 2.22 වගන්තියට අනුව මෙම දඩයක් නියම කර ඇත.

නායක චරිත් අසලංක වරදට වරද පිළිගෙන ඇති අතර යෝජිත දඬුවම පිළිගෙන ඇති බැවින් විධිමත් විභාගයක් සිදු නොවූ බව ICC නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

Related posts

Mahinda Rajapakse summoned before the PRECIFAC

Mohamed Dilsad

இரணைமடு குளத்தின் 2 வான் கதவுகள் திறப்பு

Mohamed Dilsad

ජාත්‍යන්තර හැසිරීම් කල්තියා අවබෝධ කරගත හැකි රාජ්‍ය නායකයන් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යයයි = එජාප සභාපති වජිර අබේවර්ධන

Editor O

Leave a Comment