Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට ලබන සඳුදා (සැප්තැ: 01) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ඒ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලන්ඩන් සංචාරය පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ය. මීට පෙර ද මෙම සිද්ධියට අදාළව සමන් ඒකනායක මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කර තිබිණි.

ජනාධිපති ධුරය දරන සමයේදී සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහා රජයේ මුදලින් ලන්ඩනයේ සංචාරයක නිරත වූ බවට රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වී ඇති චෝදනාවට අදාළව වික්‍රමසිංහ මහතාව පසුගියදා අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර පසුව ඇප මත මුදාහරින ලදී.

Related posts

சற்று முன்னர் நியுசிலாந்து பள்ளிவாசல்கள் மீது துப்பாக்கி சூட்டு

Mohamed Dilsad

නේවාසික රෝගීන් බැලීමට යාමේදී පිළිපැදිය යුතු උපදෙස්

Mohamed Dilsad

හන්තාන ඉඩමට ලැබුණු තීන්දුව

Mohamed Dilsad

Leave a Comment