Trending Newsඑසැන පුවත්දේශීය

අයි.එම්.එෆ්. ණය ප්‍රතිව්‍යුහගතකරණය නිසා ඉදිරියේදී රටේ ආර්ථිකය බරපතල අවධානමක – ජන අරගල සන්ධානය අනතුරු අගවයි

ලංකාවේ විදේශ විනිමය සංචිත පැහැදිළි බිඳවැටීමකට ලක්වී ඇතැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ප්‍රකාශ කරයි..

ඒ මහතා මේ අදහස් පළ කළේ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඊයේ (29) පැවති මාධ්‍ය හමුවකදීයි.

ආණ්ඩුව පාර්ශ්වයෙන් ලංකාවේ ආර්ථිකය ස්ථාවර බවට විශාල ප්‍රචාරයක් ගෙනයන නමුත් මේ වසරේ ජූලී මාසය වන විට විදෙස් විනිමය අගය ඩොලර් මිලියන 6144ක් දක්වා ඉහළ ගියද පසුගිය වසරට සාපේක්ෂව වැඩිවී ඇත්තේ ඩොලර් මිලියන 53කින් පමණක් බව හෙතෙම කීවේය.

” අපි දැක්කා ජනාධිපතිවරයා පසුගිය දවසක පාර්ලිමේන්තුවේදි සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් ආර්ථිකය ගැන නොයෙක් කතා කියනවා. නමුත් ඇත්ත කතාව තමයි 2024 වසර අවසන් වෙද්දි ලංකාවේ මුළු විදෙස් විනිමය සංචිත පැවතුණේ ඩොලර් මිලියන 6091යි. මේ අවුරුද්ද අවසන් වෙද්දි අපි ඩොලර් මිලියන 7174 දක්වා අපේ විදෙශ විනිමය සංචිත වැඩිකරගන්න ඕන. ඒ කියන්නේ ඩොලර් බිලියන 1 ක්. ඒ කියන්නේ තව ඩොලර් මිලියන 950 ක් අපි ඉදිරි මාස කිහිපය ඇතුළේ අත්පත්කරගන්න ඕන. ආණ්ඩුව දැන් රටට හෙලිකරන්න ඕන ඉදිරි මාස කිහිපය ඇතුළේ ඩොලර් බිලියනයකට ආසන්න විදෙස් සංචිත රැස් කරන විදිහ.”

දුමින්ද නාගමුව මහතා තවදුරටත් පෙන්වා දෙන්නේ IMF සහ ජාත්‍යන්තර ස්වරීත්ව බැඳුම්කර හිමියන් සමග ඉතාමත් දුෂ්කර ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලස්මකට ගිය ද දැනට එම සැලැස්ම අනුව ණය සඳහා වන පොලීය පමණක් ගෙවමින් සිටින බවයි.

මෙම ණය ගිවිසුම් අනුව ලංකාවට 2028 වසරේ සිට ණය ගෙවීම ආරම්භ කිරීමට ඇති බවත් ඒ වන විට මෙරට විදෙස් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 15ක් දක්වා ප්‍රසාරණය විය යුතු බවත් නාගමුව මහතා සදහන් කළා.

” නමුත් දැනට ඩොලර් බිලියන 6ක සංචිත ප්‍රමාණයක් විතරයි අපිට තියෙන්නේ. 2028 අවුරුද්ද වෙද්දි තව ඩොලර් බිලියන 9 ක් අපිට හොයන්න වෙනවා. මේක ඉතාම බරපතළ තත්ත්වයක්. මේ තත්ත්වය කලින් ඇති වෙන බව දන්න නිසා තමයි අපි ආණ්ඩුවට පළවෙනි මොහොතේම කිව්වේ මේ දුෂ්කර ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලස්මට යන්න එපා. මේක ලංකාවට ඉතාම අවාසිදායක ණය සැලස්මක් කියලා. නමුත් ආණ්ඩුව ඒ කිසිවක් ගණනන් නොගෙන උද්ධච්ච විදිහට රනිල් වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග එකඟවුණු ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා.” දුමින්ද නාගමුව මහතා තවදුරටත් පැවසීය.

ඔහු තවදුරටත් පැවසුවේ පවතින අවාසිදායක ණය එකඟතාවය නිසා ඉදිරියේදී රටේ ආර්ථිකයට බරපතළ කම්පන තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවන බවයි.

” නමුත් මහබැංකු අධිපතිගේ ඉඳලා මේ ආණ්ඩුවේ ආර්ථික න්‍යායාචාර්‍යවරු පම්පෝරි ගැහුවා නෑ අපිට අනිවාර්යයෙන් 27%ක ණය කප්පාදුවක් හම්බවෙනවා කියලා. හැබැයි දැන් මොකක්ද වෙලා තියෙන්නේ ? පසුගිය අවුරුද්ද අවසානයේ ලංකාවේ නාමික දළ දේශීය නිෂ්පාදිත අගය පැවතුණේ ඩොලර් බිලියන 98. 96ක් විදිහට. ඒ කියන්නේ ඉදිරි වසර තුනේදී මේ අගය අනිවාර්යයෙන් ඉහළ යනවා. දැන් මේ ආණ්ඩුව එකඟවෙලා තියෙන ගිවිසුම අනුව 2025, 2026, 2027 කියන අවුරුදු තුනේ නාමික දළ දේශීය නිෂ්පාදිත අගයේ එකතුව තුනෙන් බෙදලා එන අගය වැඩි වෙන ප්‍රමාණය අනුව අපේ ණය කප්පාදුව අඩු වෙනවා. ඊළගට මේගොල්ලො තව සූත්‍රයක් හැදුවා ඒකට අනුව 2024 – 27 අවුරුදු හතරේ අපේ රටේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධිත අගය 11.5 ට වඩා වැඩි වෙනවනං මේ ණය කප්පාදු සූත්‍රය ක්‍රියාත්මක වෙන විදිහට. දැන් මේ සියල්ලේ අන්තිම ප්‍රතිඵලය තමයි අපේ 27% ණය කප්පාදුව අහිමි වෙන එක. මේකට අනුව අපේ ණය කප්පාදුව 16 – 17% දක්වා පල්ලම් බහින්න නියමිතයි.” දුමින්ද නාගමුව වැඩිදුරටත් පැවසුවා.

Related posts

களுத்துறை துப்பாக்கிச்சூட்டு சம்பவம் தொடர்பில் பிரதான சந்தேகநபர் கைது

Mohamed Dilsad

நட்டயீடு வழங்கும் அலுவலகத்துக்கான சட்ட மூல இரண்டாம் வாசிப்பு…

Mohamed Dilsad

ප්‍රධාන දේශපාලන පක්ෂ මැයි දිනය සැමරූ හැටි(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment