Trending News

පානදුර වෙඩි තැබීමක්

පානදුර, අළුබෝගහවත්ත ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රී වෙඩි තැබීමකින් 55 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් ඇතැයි පොලීසිය පවසයි.

පොලීසියට අනුව, යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙක් නිවසක් තුළ සිටි මෙම පුද්ගලයාට වෙඩි තබා පළා ගොස් තිබේ.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ අළුබෝගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අදාළ පුද්ගලයා එම ස්ථානයේදීම මියගොස් ඇත.

මෙම ඝාතනයට හේතුව සහ ඒ සඳහා භාවිත කළ ගිනි අවිය මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය සඳහන් කරයි. පානදුර දකුණු පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරයි.

මියගිය පුද්ගලයා, ‘පානදුර නිලංග’ නමින් හඳුන්වන අපරාධ කල්ලි සාමාජිකයෙකුගේ මාමණ්ඩිය බවට තොරතුරු අනාවරණය වී තිබේ. වෙඩි තැබීම, ‘පානදුර සලින්දු’ නමැති තවත් කල්ලි නායකයෙකුගේ නියෝග මත සිදුවන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

Related posts

முப்பதாயிரம் உலக வரைப்படங்களை அழித்த சீனா…

Mohamed Dilsad

தீர்வின்றி ஒரு வருடத்தை எட்டுகிறது காணாமல் ஆக்கபட்டவர்களின் போராட்டம்

Mohamed Dilsad

உணவுப் பக்கற்றின் விலையை குறைக்க தீர்மானம்

Mohamed Dilsad

Leave a Comment