Trending Newsඑසැන පුවත්ගොසිප්

රාජිතගේ දේපළ තහනම් කිරීමට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි !

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ගේ දේපළ තහනම් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කරන ලද ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඊයේ ( 26) ප්‍රතික්ෂේප කර තිබේ.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට ලබා දී රජයට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් කළ බවට රාජිත සේනාරත්න මහතාට චෝදනා එල්ල වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඔහුට වරෙන්තු ද නිකුත් කර ඇත.

මෙම නඩුවට අදාළව, රාජිත සේනාරත්න මහතා නමින් ලියාපදිංචි කර ඇති රුපියල් මිලියන 30කට අධික වටිනාකමකින් යුත් කොළඹ පිහිටි දේපළක් තහනමට පත් කිරීමට අල්ලස් කොමිසම ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත්, ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට දැනුම් දුන්නේ මෙම නඩුවේ ඉදිරි දිනය වන අගෝස්තු 29 වන දින සැකකරු අධිකරණයේ පෙනී නොසිටියහොත් අදාළ ඉල්ලීම සිදුකරන ලෙසයි.

Related posts

President emphasises he will not leave room for injustice to any child in receiving education

Mohamed Dilsad

Lisa Marie Presley’s Twins, 8, in Protective Custody

Mohamed Dilsad

சமத்துவம் சமூக நீதிக்கான மக்கள் அமைப்பு தனித்து போட்டியிடும் – முன்னாள் பாராளுமன்ற உறுப்பினர் சந்திகுமார்

Mohamed Dilsad

Leave a Comment