Trending Newsඑසැන පුවත්දේශීය

රටවල් තුනක ජනාධිපතිලා රනිල් ගැන අසයි…!

පොදු දේපල අවභාවිත චෝදනා මත රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ඊයේ (24) සන්ධ්‍යාවේදී කොළඹ සිටින ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හමුවී සාකච්චා කර ඇතැයි එජාප ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙරටට අද (25) පැමිණෙන එක්සත් ජනපද නියෝජිත පිරිසක් හමුවීමට ද එක්සත් ජාතික පක්ෂය අපේක්ෂා කරයි.

වික්‍රමසිංහ මහතාගේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධ විස්තර ඉල්ලා ප්‍රධාන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන කිහිපයක් ද එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන් සම්බන්ධ කර ගෙන විස්තර ලබාගෙන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

රටවල් තුනක ජනාධිපතිවරුන් ද එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේගුණවර්ධන මහතාට දුරකථනයෙන් කතා කර නවතම තත්ත්වය සාකච්ඡා කළ බව ජ්‍යෙෂ්ඨ පක්ෂ සාමාජිකයක් ප්‍රකාශ කළේය. .

Related posts

இலங்கை அணி முதலில் துடுப்பாட்டம்

Mohamed Dilsad

ஈரான் மீதான தாக்குதல் இரத்து?

Mohamed Dilsad

Personal dispute leads to fatal shooting in Moratuwa

Mohamed Dilsad

Leave a Comment