Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට අවි සහිත නිලධාරීන්

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටින හිටපු ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට ජේලර්වරුන් දෙදෙනෙකු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් අට දෙනකු අවි සහිතව යොදවා ඇතැයි  බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙයට අමතරව රෝහල අවට විශේෂ පොලිස්  ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

හිටපු ජනාධිපතිවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු වෛද්‍ය නිර්දේශ මත ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත්  කරනු ලැබීය.

ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් වූ පසු නැවතත් වැලිකඩ බන්ධනාගාර රෝහලට රැගෙන යෑමට  නියමිතව ඇතැයි බන්ධනාගාර ප්‍රධානියෙක් පැවසීය.

පසුගිය 22 වනදා රාත්‍රියේ අධිකරණයේ සිට රැගෙන ආ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමුව මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන විත් එහි රැඳවියෙකු ලෙස ලියාපදිංචි කර තිබේ.

ඉන් අනතුරුව සිදු කළ වෛද්‍ය පරික්‍ෂාවකින් අනතුරුව නිර්දේශ කෙරුණේ හිටපු ජනාධිපතිවරයා වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙසයි.

Related posts

பிரதான ஜனாதிபதி வேட்பாளர்கள் நால்வருக்கு விசேட பாதுகாப்பு

Mohamed Dilsad

Samurdhi increased to reduce poverty

Mohamed Dilsad

இம்முறை ஐக்கிய தேசிய கட்சியின் மேதினக் கூட்டம் கொழும்பில்

Mohamed Dilsad

Leave a Comment