Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට අවි සහිත නිලධාරීන්

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබ සිටින හිටපු ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට ජේලර්වරුන් දෙදෙනෙකු ඇතුළු බන්ධනාගාර නිලධාරීන් අට දෙනකු අවි සහිතව යොදවා ඇතැයි  බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙයට අමතරව රෝහල අවට විශේෂ පොලිස්  ආරක්ෂාවක් යොදවා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

හිටපු ජනාධිපතිවරයා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු වෛද්‍ය නිර්දේශ මත ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත්  කරනු ලැබීය.

ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් වූ පසු නැවතත් වැලිකඩ බන්ධනාගාර රෝහලට රැගෙන යෑමට  නියමිතව ඇතැයි බන්ධනාගාර ප්‍රධානියෙක් පැවසීය.

පසුගිය 22 වනදා රාත්‍රියේ අධිකරණයේ සිට රැගෙන ආ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළමුව මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන විත් එහි රැඳවියෙකු ලෙස ලියාපදිංචි කර තිබේ.

ඉන් අනතුරුව සිදු කළ වෛද්‍ය පරික්‍ෂාවකින් අනතුරුව නිර්දේශ කෙරුණේ හිටපු ජනාධිපතිවරයා වැලිකඩ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙසයි.

Related posts

கிரிக்கெட் நிறுவனத்தின் தலைவர் பதவிக்கான தேர்தலில் நான் போட்டியிட போவதில்லை

Mohamed Dilsad

Nuwan Pradeep ruled out of South Africa tour with fractured hand

Mohamed Dilsad

Annette Roque officially calls it quit with husband Matt Lauer

Mohamed Dilsad

Leave a Comment