Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස් නිලධාරීන් 51 ක්, සහකාර පොලිස් අධිකාරි තනතුර ⁣ට උසස් කෙරේ

සහකාර පොලිස් අධිකාරීවරුන් බඳවා ගැනීමේ සීමිත තරග විභාගයට මුහුණ දී ඉහළින් සමත් පොලිස් නිලධාරීන් 51 දෙනෙකු සහකාර පොලිස් අධිකාරීවරු ලෙස උසස් වීම් ලබා තිබෙනවා.

ඊට අදාළ උසස්වීම් ලේඛනය පොලිස් මූලස්ථානය විසින් නිකුත් කිරීමට නියමිත බව සඳහන්.

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබාදුන් එම ලේඛනය ඊයේ සවස පොලිස් මූලස්ථානයට යොමුකර තිබිණ.

2023 වසරේ පැවති සීමිත තරග විභාගයෙන් මෙසේ උසස්වීම් ලද නිලධාරීන් පොලිස් විශේෂ කාර්ය බලකායේ 03 දෙනෙක්ද සිටින බව පොලිස් තොරතුරු අනාවරණය ක‍ළා.

දැනට සේවයේ නිරතව සිටි පොලිස් පරීක්ෂකවරු සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 2000කට ආසන්න නිලධාරීන් පිරිසක් මෙම සීමිත තරග විභාගයට මුහුණ දී සිටී..

ඒ අතරින් ඉහළින්ම ලකුණු ලබාගත් නොකැ‍ලැල් සේවයක් ඇති නිලධාරීන් සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස තෝරාගෙන උසස් කිරීමට නියමිතයි..

Related posts

பூஜித் – ஹேமசிறி 23ம் திகதி வரையில் விளக்கமறியலில்

Mohamed Dilsad

All Heads of State Institutions asked to resign

Mohamed Dilsad

ரவிக்கும், மங்களவிற்கும் வாழ்த்துக் கூறிய பிரதமர்

Mohamed Dilsad

Leave a Comment