Trending Newsඑසැන පුවත්දේශීය

වෛද්‍යවරු සඳුදා සිට වැඩ වර්ජනයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳුදා උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කරන බව ප්‍රකාශ කරයි..

ඔවුන් ඉදිරිපත්කළ ඉල්ලීම් අතර සංශෝධිත පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් ස්ථානගත කිරීමේ පුරප්පාඩු ලැයිස්තුව ස්ථාන මාරු මණ්ඩලයේ අනුමැතිය ඇතිව ප්‍රකාශයට පත් කිරීම සහ ආවරණ ලිපියේ මාතෘකාව පශ්චාත් සීමාවාසික ස්ථානගත කිරීම වශ්‍යෙන් නිවැරදි වියයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ එක් ඉල්ලීමක්.

ස්ථාන මාරු මණ්ඩලයේ එකගතාවකින් තොරව කප්පාදු කළ දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව ඉවත් කර ,ඒ වෙනුවට ස්ථාන මාරු මණ්ඩලය එකගතාව සහිතව පෙර පැවති දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් අනුයුක්ත කිරීමේ ලැයිස්තුවට එඅකතු කර එම වෛද්‍යවරුන්ට ඉල්ලුම් කිරීමට අවස්ථාව ලබාදීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තවත් ඉල්ලීමක්.

ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ 2025 ස්ථාන මාරු ලැයිස්තුවෙන් අත්තනෝමතික ලෙස සහ අනීතික ලෙස ඉවත්කරන ලද පුරප්පාඩු 78 නැවත එකතු කර එම ස්ථාන මාරු ලැයිස්තුව නැවත ප්‍රකාශයට පත් කිරීමේ ඉල්ලීමද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉදිරිපත් කර තිබෙනවා.

මේ අතර බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (22) කැඳවූ රැස්වීමේදී එලඹි පහත තීරණ අනූව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලබණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

එම බලමණ්ඩලය පවසන්නේ එහිදී තීරණය වූයේ ස්ථාන මාරු නියෝගයට අදාල ගැටළු විසඳිම් සඳහා ඉතා කඩිනම් පළාත් සෞඛ්‍ය බලධාරීන් සහිත රැස්වීමක් කැඳවමින් අවසන් තීරණය ලබා ගන්නා තුරු සියළු නිලධාරීන් සුපුරුදු සේවා ස්ථාන වල⁣ සේවයට වාර්තා කිරීමටයි.

ඒ අනූව සියලු පරිපූරක වෛද්‍ය සේවාවන් අද (23) උදෑසන 8.00 සිට වර්ජනයෙන් ඉවතව සිය රාජකාරි ආරම්න්හ කර තිබෙනවා.

වෘත්තිය ක්‍රියාමාර්ගය පැවැති කාලය තුළදී සේවාවන් ලබාගත නොහැකිව අපහසුතාවට පත් වූ රෝගීන් සියලුම දෙනාට තමාට පහසු ආසන්නතම දිනයකදී නැවත රෝහලට පැමිණ අදාළ සේවාවන් ලබාගැනීමට හැකි වන පහසුකම් සපයා ඇති බව ද ඔවුන් දැනුම් දෙනවා.

Related posts

Muslim MPs meeting underway with Ven. Chief Prelates of the Asgiriya & Malwatte Chapters – [IMAGES]

Mohamed Dilsad

රජය මුස්ලිම් මන්ත්‍රීවරුන් දඩයමක [VIDEO]

Mohamed Dilsad

Space lab comes down over South Pacific

Mohamed Dilsad

Leave a Comment